
(එච්. චන්දන)
පුත්තලම සෙල්ලන්කන්දල් රක්ෂිතයේ සැරි සැරූ ගැබ්බර කෙනෙරකු මිය යාමේ සිද්ධිය සම්බන්ධ ප්‍රශ්න කිරීම සඳහා පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වන ජීවී කාර්යාලය කියයි.
මානවේරිය ප්‍රදේශයේ පුද්ගලික ගඩොල් කර්මාන්ත ඉඩමක අද (09) මියෙගාස් සිටි වයස අවුරුදු 25ක් පමණ විය හැකි ප්‍රදේශයේ ජනතාවගේ ‘නගුට කොටා’ යනුවෙන් හඳුන්වන මෙම සද්ධන්තයා කෙසේ මිය ගියේද යන්න දැනටමත් වන ජීවී නිලධාරින් විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙම කෙනෙර මියෙගාස් සිටි ආසන්න ඉඩමේ අටවා තිබූ විදුලි රැහැනක පැටලී මිය ගියේද යන්න සැක සහිත බවත්, විදුලිය ඇද තිබූ යැයි සැක කෙරෙන කම්බියක්ද මෙම සැක කරුවන් සමග අත් අඩංගුවට ගෙන තිබේ.
මිය ගිය කෙනරගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර කරුවලගස්වැව වන ජීවී කාර්යාලය සිදධිය පිළිබදව පරීක්ෂණ පවත්වනු ලබයි.
නිරන්තරව සිරම්බිඅඩිය මානවේරිය ප්‍රදේශය වන අලින්ගේ තර්ජනය මුහුණ දෙන බවත්, තම ගොවිබිම් හා නිවාස වලට නිරන්තරවම හානි සිදුකරන බවත් ප්‍රදේශවාසිහු පැවසූහ.

(ඡායාරූප - එච්. චන්දන)


(ඡායාරූප - රෝවන් පෙරේරා)
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නඟුට කොටාගේ මරණයට දෙදෙනෙක් අත්අඩංගුවේ