(සිතුම් චතුරංග)

කොවිඩ් 19 වයිසරය ආසාදිතව සිටි වවුනියාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක ජිවිතක්ෂයටපත්ව ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

වවුනියාව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මන්ත්‍රීවරිය මියගොස් ඇතැයි වවුනියාව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

එලෙස මියගොස් ඇත්තේ වවුනියාව තේක්කවත්ත පදිංචි වවුනියාව නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාගරික මන්ත්‍රීවරියකි 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් 2018 වසරේදී පැවති පළාත් පාලන මැතිවරණයේ ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස වවුනියාව නගර සභාවට තේරී පත්ව සිටියාය.