ශ්රී ලංකාවේ සිටින චීන, ජපාන සහ දකුණු කොරියානු ජාතිකයන් ඇතුළු නැගෙනහිර ආසියානුවන්ට වෙනස්කම් කිරීම කනගාටුවට කරුණක් යැයි කතානායක කරු ජයසූරිය මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කතානායක කරු ජයසූරිය මහතා සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් මෙන්ම චීන බසින් ද මෙම ට්විටර් පණිවුඩය නිකුත් කර ඇත.
කරු ජයසූරිය මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ දැක්වේ.
“ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරය ලෝක ප්‍රසිද්ධය. අපගේ මිතුරු රාජ්‍යයක් වන මහජන චීනය කොරෝනා වයිරසය පාලනය කරමින් සිටින මේ අවස්ථාවේදී, ශ්‍රී ලංකාවේ වෙසෙන නැගෙනහිර ආසියානුවන්ට ඇතැම් පොදු අවකාශවලදී මිත්‍රශීලී නොවන අයුරින් සැලකීම කනගාටුදායකය”.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සුද අනේ?
දේශපාලකයෙක් හැටියට හත්පොළේ ගාගන්නේ නැතිව රටේ ජනතාව දැනුවත් කරන්න තිබ්බා නේද? නිකම් ලකුණු දාගන්න ගිහින් රටට හානියක් වෙන වග හිතන්න බැරි වෙලා නේද?
චංචාවට වැදි බණ කියනවා.
මෙයාට මොකද වෙලා තියෙන්නේ මේ එකපාරටම...? කියන දේවල් වෙන රටවල් වලින් අපිටම ගහන්න පාවිච්චි කරනවා කියන එක තේරෙන්නේ නැද්ද? මෙයාලා කොහොමත් රටට වඩා තමන් ගැන හිතන අයනේ...
මේ සැවොම අපේ මිනිස් පවුලේ සාමාජිකයන්. අපේ රටේ සංවර්ධනයට දායක වන අපේම නෑදෑයෝ
දැන් කවුද වෙනස්කම් කරන්නේ ගෝඨාභයද, මහින්දද, නැතිනම් ආණ්ඩුවද?
එත් මෙයාලා ලංකාවේම අපිට සහ අපේ රණවිරුවන්ට වෙනස්කම් කරද්දී ඔයවිදියට හිත උනුවුනේ නැහැනේ.
ඔබගේ ටුවිටර් පනිවිඩය ලැජ්ජා සහගතය. ඔබ ශ්‍රී ඒ පිළිබදව පළමුවෙන්ම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කළ යුතුය.
හඳ පෙන්නුවම ඇගිල්ල දිහා බලන මෝඩ මිනිස්සු මෙතනට දේශපාලනය ගාවගෙන ඔබට දොස් තබන බව පෙනේ.
ලංකාවේ අය කලවැද්දෝ , ඉත්තෑවෝ, තලගොයි , කිඹුල්ලු , මි හරක් , කනවා. නමුත් ජපන්නු එහෙම කිසිම ජරා මසක් කන්නේ නැහැ. මේක වැරදි වැටහීමක්.
පිස්සුද හැටිද? ඔයාට ඕනේනම් චීනෙට ගිහිල්ලා සත්කාරයක් කරගන්න.
මෙයාගේ නුසුදුසු කම අපි දැක්කේ යුඇන්පීයෙන් දුසිමක් අරන් පැනලා තනියම ආපහු ආවම. චීන කරපු තරම හොඳටම ඇති. මේ වයිරසය හැදුවේ කවුද කියලා රෝ එකෙන් ඇහුවොත් කියයි.
මෙය වෙනස්කම් කිරීමක් කියලා අපේම අය මෝඩ අදහස් පලකරනවා. මිනිස්සු බය නිසා ආරක්ෂාවට කරන දේවල් මිසක්
එක තැනක දෙතැනක වුනු සිදුවීම් අරගෙන එක ජනතාකරණය කරලා හැමෝම එහෙම කරනවා කියන්න තරම් මෙයා මුග්ධ නම් .. අනිත් එක රටේ මිනිසුන්ගේ ආරක්ෂාවට කිසිම උදව්වක් නොකර සැපට ගෙදර ඉගෙන අපිට කියනවා නම් අසාදන වලට බය නැතුව මුහුණ දෙන්න කියලා මෙහෙම පාලකයෝ අපිට අවශ්‍ය ද ?
අද කිසි අයෙකුට කිසිම ප්‍රකාශයක් කරන්න බැහැ. දේශපාලන, සහ ජාතිවාදී බත් බැලයන් දාන කමෙන්ට් දිහා බලපුවම අපේ අය වෙනස්කම් නොකරන්නේ කාටද කියලා පාරකට බැස්සම බලා ගන්න පුළුවන් දිනපතා පත්තර බැලුවම. ආණ්ඩුවේ කන්තෝරු වලත්, මගී ප්‍රවාහනයේත් දැක ගන්න පුළුවන්. එම නිසා තමයි පුජ්‍ය පක්ෂයට, ගැබිනි මාතාවන්ටත් මැදිරි වෙන් කරලා තියෙන්නේ.
මේ කතාවම ගරු ජනාධිපතිතුමත් කියලා තියෙනවා. දැනුත් කරුගේ කතාවට දොස් කියනවද?
වැරදිලාවත් අපිට මේ ලෙඩේ හැදුනොත් යන්න වෙන්නේ ලංකාවේ තිබෙන රජයේ රෝහල් වලට. ඒවගේ වැසිකිළි දැක්කම අපායවල් වගේ. අමරු වුනොත් අනිවාර්යයෙන් මැරෙනවා. තත්වය එහෙම තිබෙනකොට ලංකාවට එන චීන්නු ලංකාවේ මිනිස්සුන්ට පෙනෙන්නේ මාර දුතයෝ වගේ. ඔවුන් දැක්කම පන බේරගන්න හෙමිහිට මාරුවෙලා යනවා හැරෙන්න වෙන මොනවා කරන්නද ? දේශපාලකයෝ කට පියාගෙන ඉන්නේ නැතුව මේවා ට්විටර් පණිවිඩ වල දමාගෙන චීන්නු කොන් කරනවා කියලා කියව කියව චීනෙන් ලකුණු දමා ගන්නවා. මේ කියන කවුරුවත් ඔය ලෙඩවෙලා හිටිය චීන කාන්තාව ඉන්න රෝහලක පැත්ත පළාතකවත් ගිහින් තිබෙනවාද ? ඔය ලෙඩේ ලංකාවේ පැතිරුනොත් ඉස්සෙල්ලම හැදෙන්නේ බස්, කෝච්චිවල යන අපට. ආරක්ෂක රථ පිරිවරාගෙන බෙන්ස් වල යන මේ ගොල්ලන්ට ඕවා හැදෙන්නේ නැහැ. ඔච්චර අමාරුනම් ඔය කොන්වෙලා ඉන්නවා කියන චීනෙක් දෙන්නෙක් ගෙනත් ගෙදර නවත්වාගෙන බෙන්ස් එකෙන් ගමන් බිමන් එක්ක යන්න.
සිරි ලන්කන් මැන්ටලිටි එක බලන්න මෙතන කමෙන්ට් කියවන්න. කවුරුහරි මුදලට සේවාවක් දෙනවා නම් ඒ අයගේ සේවාලාභීන් ජාතිය, කුල, මල ආගම් රෝගී නිරෝගී කියලා නොබෝදා සේවය සැලසිය යුතුයි. චීන පෙනුමක් තියෙන අයට සළකන සැලකිල්ල සාධාරණීකරණය කරන අය දවසක නරක සේවාවක් දෙන්න ගත්තොත් සතුටුද? ලංකාවේ සමාජය මහා ලොකුවට වර්ණනා කරගෙන හිටියට කුණු ගඳ ගහන කුණු කන්දලක්. ඒක ලස්සන ඇඳුමකින් වැහුවට පොඩි පොඩි හුටපට ආවම කුණුගොඩ ලෝකෙටම පේනවා. මෙතෙන්දි වෙලා තියෙන්නෙත් ඒකම තමයි.