(නිමල කොඩිතුවක්කු)
නැගෙනහිර පළාතේ ආදිවාසී නායකයන් ඇතුළු ආදිවාසීහු පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය පළ කිරීමට එක්වූහ.
අම්පාර ආදීවාසී නායක රඹකැන්ඔය පෝල්ලෙබැද්ද ගම්මානයේ මහ බණ්ඩාරලාගේ අප්පු ආදීවාසී නායකතුමා ඇතුළු පිරිසක් මෙලෙස සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය ලබාදීම සඳහා එක්වූහ.
කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අද(31) මෙම පිරිස පිළිගත්තේය.
දිවංගත රණසිංහ පේ‍්‍රමදාස ජනපතිවරයා තම ආදීවාසී පරපුර ගැන සොයා බලා අවශ්‍ය පහසුකම් සපයා දුන් බවත්, ඒ අනුව යමින් සජිත් පේ‍්‍රමදාස මහතා තම ජනයාගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීවි යැයි විශ්වාස කරන බවත් එහිදී අදහස් දැක්වූ අම්පාර ආදී වාසී නායක රඹකැන්ඔය පෝල්ලෙබැද්ද ගම්මානයේ මහ බණ්ඩාරලාගේ අප්පු ආදීවාසී නායකයා සඳහන් කළේය.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනූෂ නානායක්කාර, හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
COMMENTS
කුරුණෑගල පැවැත්වූ රැළියක් සඳහා සහභාගි වීමට සජිත් ප්‍රේමදාස මහතා ගමන්කළ හෙලිකොප්ටර් යානය අදාළ ස්ථානයට, සමීපයට ගොඩ බැස්සවීම කඩා කප්පල් කරමින් විදුලිය විසන්ධි කර තිබීම ගැන කිසිම දෙයක් කතා බස් කරන්නේ නැති බවයි පෙනෙන්නේ. එම අවස්ථාවේදී හෙලිකොප්ටර් යානය අඳුරේ ගොඩබැස්සවීමට උත්සාහ කළා නම් අනතුරක් සිදුවීමට ඉඩ තිබුණු බවයි කියන්නේ. මේ හේතුවෙන් ප්‍රේමදාස මහතාට එම රැස්වීම ඇමතීමේ අවස්ථාවද මගහැරී ගොස් ඇත. "මේ සිදුවීම අහම්බෙන් වූවක් නොව ප්‍රේමදාස මහතාගේ ජීවිතයට හානියක් සිදුකිරීමේ අරමුණෙන් හිතාමතාම සිදුකළ එකක් බව" රැස්වීමට සහභාගිවූවන් කියා ඇත...
රෝහිත බෝගොල්ලාගමත් එතන. තිස්සත් එතන. එ්කම ඇති මේ ඇත්තන්ට කරුණු කාරණා තේරුම් ගන්න...
ඒ විතරක් නෙමේ , ගෙම්බන්ගේ සහයත් තියෙනවා.
සංඥා නැතිව හෙලිකොප්ටර් බෑවා නම් රට ගොඩ...
බණ්ඩාරලා, අප්පුල, බණ්ඩාරලගේ අප්පුල සජිත්ට සහය දෙන්න ඕනෙම තමා. මොකද සජිත්නේ එයාලට තිස් අවුරුදු යුද්දේ අවසන් කරලා නිදහසේ නැගෙනහිර පළාතේ ජිවත් වෙන්න ඉඩ කඩ සලසා දුන්නේ.
සජිත්ට ජය පොජ්ජ.
ආදිවාසීනුත් දන්නවා සාටකයින් ගැන ...