
(ඩයනා උදයංගනී)
අධික සුළං සහිත කාලගුණය මත නිව් ඩයමන්ඩ් බොරතෙල් ප්‍රවාහන නෞකාවේ නැවතත් වර්ධනය වූ ගින්න මේ වන විට යම් තරමකට පාලනය කර ඇතැයි නාවික හමුදාව පවසයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දීය නාවික හමුදාව, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් පාර්ශවකරුවන්ට අයත් නෞකා, ගුවන් යානා සහ ටග් යාත්‍රා තවදුරටත් මෙම මෙහෙයුමේ අඛණ්ඩව නිරතව සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
ආපදාවට පත් නෞකාවේ වාණිජ හා තාක්‍ෂණික ක්‍රියාකාරිත්වය හිමි සමාගම විසින් දිවයිනට යොමු කරන ලද මුදවා ගැනීමේ මෙහෙයුම් විශේෂඥයින් 06 දෙනෙකු සහ ආපදා කළමනාකරණ විශේෂඥයින් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම ද නෞකාව ඇති මුහුදු ප්‍රදේශයට ගොස් ආපදා කළමනාකරණ මෙහෙයුම් හා එක්ව සිටින අතර, ඔවුන්ගේ ද උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ ආපදා කළමනාකරණ කණ්ඩායම් මෙම වර්ධනය වූ ගින්න නැවතත් මැඩපැවැත්වීමේ ප්‍රයත්නයේ නිරතව සිටින බව ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
656
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නෞකාවේ යළි හටගත් ගින්න යම් තරමකට පාලනය කරයි