(කාංචන කුමාර ආරියදාස)
ලෝක උරුම රක්ෂිතයක් වන නකල්ස් වනාන්තරයේ අභ්‍යන්තර ප්‍රදේශවල පිහිටා ඇති සුන්දර ස්ථාන සහ දියඇළි දෙස් විදෙස් සංචාරකයන්ට මුදල් අයකර නැරඹුම් ස්ථාන කිරිමට වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවීම සම්බන්ධයෙන් පරිසර සංවිධාන දැඩි විරෝධය එල්ල කර තිබේ.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින් දුම්බර අඩවියේ ඉතා ආකර්ෂනීයව නමුත් තවමත් අපවිත්‍ර නොවූ දූවිලි ඇල්ල, සේර ඇල්ල, බඹරකිරි ඇල්ල, වැද්දාපැනි ඇල්ල, සාරි ඇල්ල, රත්නඇල්ල, කලුවා පැණි ඇල්ල, ආදී ස්ථාන මෙලෙස සංචාරකයන්ට විවෘත කිරිමට අවධානය යොමුකර තිබේ.
වසර ගණනාවක් තිස්සේ ජනශුන්‍යව පැවැති මෙම පරිසරය ආරක්ෂා වෙමින්, නකල්ස් කඳු මුදුනෙන් ඇරඹෙන දියඇළි පහළට ගලා එමින් රජරට ප්‍රදේශය පෝෂණය කිරිමට මහඟු දායකත්වයක් ලබා දේ.
එසේ වුවත් මෙම ප්‍රදේශ, ප්‍රවේශ පත්‍ර නිකුත් කර දෙස් විදෙස් සංචාරකයන්ගේ නැරඹුම් මධ්‍යස්ථාන කිරීමට අවශ්‍ය යෝජනාවලිය යවා තිබෙන බවත් ඒ සඳහා අනුමැතිය ලැබුණු විගස ක්‍රියාත්මක කරන බවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාතලේ සහකාර දිසා වන නිලධාරී කමල් තෙන්නකෝන් මහතා පැවසීය.
ලැබෙන ආදායමෙන් 60% ක ප්‍රමාණයක් ප්‍රදේශයේ ප්‍රජා සංවිධාන සඳහා ලබා දීමට යෝජනා වී තිබෙන බවත් එක් පුද්ගලයකුගෙන් රුපියල් 100 ක් අයකරන බවත් මෙම ස්ථාන නැරඹීමට අවශ්‍ය පරිසරය සූදානම් කරමින් පවතින බවත් තෙන්නකෝන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
නකල්ස් වැනි ලෝක උරුම ස්ථානයක ඉතා මනරම් අපිරිසිදු භාවයකින් තොරව දැඩි ආරක්ෂිත සතුන් පක්ෂීන් කෘමීන් ගහනව පවතින දුම්බර වනපෙතේ මේ ආකාරයෙන් සංචාරක කලාප බවට පත් කර මුදල් ඉපයීම අරමුණු කරගෙන සිදුකරන ක්‍රියාවලියෙන් පරිසරයට විශාල හානියක් සිදුවන බව පරිසරවේදී සජීව චාමිකර මහතා කීය.
නකල්ස් අධි රක්ෂිතයේ පතන ප්‍රදේශය මීට පෙර මුදල් මත ඇතුළු කිරීම සඳහා අවසර ලබාදී තිබෙන බවත් එහෙත් මේ වන විට පතනේ සිදුව ඇති හානිය මිල කිරීමට නොහැකි බව සජීව චාමිකර මහතා සඳහන් කළේය.
දුම්බර වනපෙතේ ඉතා ආරක්ෂිතව පැවති මෙම රක්ෂිත භූමි ජනතාවට නිරාවරණය කිරීමෙන් පසුව වසර ගණනාවක් ගත වෙද්දී එහි ජල උල්පත් විනාශවීම, මිනිස් මළ මුත්‍රා ජලයට එකතු වීම ආදී නොයෙක් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් කල්ප ගණනාවක් ආරක්ෂිතව පැවති පරිසර පද්ධතීන් විනාශ මුඛයට ඇද වැටී තිබෙන බව චාමිකර මහතා පැවසීය.
දිවයිනේ පරිසර සංවිධාන රැසක් ඒකරාශී කරගෙන මේ පිළිබඳව තවදුරටත් අධ්‍යයනයක නිරතව මෙය නවතා දැමීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද චාමිකර මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය.
කෙසේ වෙතත් ප්‍රදේශයේ ඇතැම් පරිසර සංවිධාන යැයි කියාගන්නා කණ්ඩායමක් මුදල් අපේක්ෂාවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සමඟ එක්ව ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සඳහා කවුළු ඉදිකිරීම වැසිකිළි පද්ධති සඳහා ස්ථාන වෙන් කිරීම සංචාරකකරුවන්ගෙන් නවාතැන් සඳහා කාමර ඉදිකිරීම ආදී කටයුතු නකල්ස් රක්ෂිතයේ මේ වන විට සිදුවෙමින් පවතී.
මෙම දිය ඇලි ගැඹුරු අනාරක්ෂිත ස්ථාන බැවින් එහිදී පැමිණෙන සංචාරකයන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව වගකීම ක්‍රියාත්මක වෙන්නේ කෙසේදැයි මාතලේ සහකාර දිසා වන නිලධාරී කමල් තෙන්නකෝන් මහතාගෙන් විමසීමේදී මෙසේ කීය.
‘පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සමග මේ වනවිට සාකච්ඡාවක් පවත්වා කණ්ඩායම් පුරුදු පුහුණු කර තිබෙනවා. ජීවිතාරක්ෂකයන්ට නවාතැන් ගැනීම සඳහා ස්ථාන හඳුනාගෙන තිබෙන බවත් එම ස්ථානවල රාජකාරි කටයුතුවල යෙදවීම මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සමඟ ද සාකච්ඡා කළා.’
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතවත් චාමිකර මහතාට, ලෝක සෞඛ්‍ය සංවිධානය අද වනවිට මුහුණපා ඇති අභියෝගය ඔක්සිජන් ...!!! දිනකට ඝනමීටර් 620 000 (විශාල සිලින්ඩර් 88000 ක්) ලොව වටා සිටින කොරෝනා රෝගීන් සඳහා අවශ්‍ය වෙලා.. ලෝකය එහෙම කියද්දී.." ඔක්සිජන් කන්නද..,? " කියා අසන මෝඩයින් ගැන වාර්තාවන්නේ ශ්‍රී ලංකාවෙන් පමණයි. නූගත්, දූෂිත දේශපාලුවන් විසින් බිහිකළ ඔවුන්ගේ වහල් ප්‍රජාව මේ රටට කරමින් සිටින විනාශය ඔබලා හොඳින්ම දන්නවා. වාසනාවකට හෝ පරිසරයට ආදරේ කරන ඔබ වැනි පරිසරවේදීන් "අතලොස්සක්" හෝ සිටීම වාසනාවකි. මොන ක්‍රමයකින් හෝ අපි ජනතාව දිගින් දිගටම, නොනවත්වාම දැනුවත් කිරීම නොකලොත් තව අවුරුදු 25න් මෙරට අනිවාර්යයෙන්ම කාන්තාරයක් බවට පත්වේවි. ඉතින්.. මේ රට ගැන සිතලා. ඔබට, අපේ රවින්ද්‍ර කාරියවසම් මහත්මයා.. වැනි අය පරිසර නීතිගැන හොඳින්ම දන්නා අපේ ජගත් ගුණවර්ධන මහත්මයා... එතකොට තිලක් කන්දේගම මහතා ... ඔයවගේ කට්ටිය එකතුවෙලා "හරිත" පක්ෂයක් පිහිටුවාගන්නේ නැත්තේ ඇයි..? ලෝකයේ දියුණු රටවල මහා ආණ්ඩුව පාලනය කරන්නේ ඒ කුඩා "හරිත" පක්ෂයයි. එ් නිසා රට වෙනුවෙන් කැපකිරීමක් කරන්න හිතුවොත් හොඳයි නේද? අපේ සහයෝගය ඔබටයි...
විදේශීය සංචාරකයින් ඔතන අපවිත්‍ර කරන්නේ නැහැ. ඒ ගොල්ලෝ දන්නවා පරිසරයේ වැදගත්කම, හැබැයි අපේ ලංකාවේ කට්ටියට යන්න දුන්නොත් නම්, ඔතන සතියෙන් පොලිතීන් ප්ලාස්ටික් බෝතල් විසිකරලා විනාශ කරයි...
මොන බොරු වැඩක්ද? එහෙම යන එක නවත්වන්න පුළුවන්ද? විදේශ සංචාරකයින් නෙවෙයි නකල්ස් විනාශ කරන්නේ ලංකාවේ මිනිස්සු. සල්ලි ගන්නේ නැතුව ඩොනේෂන් දෙන්න කිව්වා නම් සංචාරකයින් කැමැත්තෙන්ම සල්ලි දෙයි.