(*** නිමත්ති රණසිංහ)
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් කූඨ ලෙස විකුණන ලදැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් ප්‍රදේශ රැසක සෝදිසි මෙහෙයුම් අරඹා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
සැකකාර පොලිස් පරීක්ෂකවරයාට අයත් රුපියල් ලක්ෂ දහයක මුදලක් හා ටී 56 වර්ගයේ ගිනි අවියක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (30) අත්අඩංගුවට ගනු ලැබීය.
වැටලීම්වලින් ලබාගත් හෙරොයින් මත්ද්‍රව්‍ය ගාල්ල, බලපිටිය ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී හාල් උරවල බහා අසුරා ඇත්තේද මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ මූලිකත්වයෙන් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් කිලෝ ග්‍රෑම් 99ට අධික ප්‍රමාණයක් නැවත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විකුණු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන් හතර දෙනකු හා සිවිල් පුද්ගලයකු රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැලින්නම් ඔක්කොම එකවල්ලේ පොල්...
කුඩු මුදලාලිලා අනිවාර්යයෙන්ම එල්ලන්න ඕනේ...
මත්කුඩුවලට ඇබ්බැහි වුණු තරුණයින්ගේ මානසික මට්ටම හදන්න මාස 10ක් වත් යනවා. මේ අය තරුණ දරු දැරියන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරලා තමන්ගේ දරු පවුල් රැකපු, ගෙවල් හදාගත්තු, ඔවුන්ගේ වත්කම සියල්ලම ජීවිත විනාශ කරලා හොයාගත්තු බ්ලඩ් මනී... මොවුන්ගේ සියලුම දේපල රාජසන්තක කොට ලක්ෂ ගණනක් මත්කුඩු නිසා විනාශ වුණු ජීවිත පුනරුත්ථාපනය කළ යුතුයි...
මෙපමණ කලක් අල්ලන කුඩුවලට වෙන්නේ මොකක්ද යන ප්‍රශ්නයට පිළිතුරක් ලැබුණු එක ගැන සතුටුයි.
ඇයි නමත් දාන්නකෝ...?
කවුද කියලා දැනගෙන නොහිටියත්, පස්සෙ දොරින් කුඩු පිටවෙනවයි කියලා නම් අපිට දැනගන්න පුළුවන් වුණා.
නම් රකින්නේ ඇයි තවත් ..?