(ඉන්දික අරුණ කුමාර)
නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ස්වභාවික වනාන්තර පිහිටි කඳුබිම් ආශ්‍රිත රක්ෂිතවල පවතින දේශීය ඖෂධ රැසක් රහසේ අලෙවිකරන ජාවාරමක් ක්‍රියාත්මක බව ප්‍රදේශවාසීහු පවසති.
ඉපැරණි ස්වභාවික වනාන්තර වන නාඋල - මහකුමාරගල කන්ද, නිකුළ හා බිබිල කඳුවැටිවලට ආවේණික බිංකොහොඹ විශේෂ, කලාතුරකින් දැකගත හැකි නඟා මැරූ අල විශේෂ ආදිය යම් පිරිසක් අලෙවිකරන බව ඔවුහු පවසති.
විවිධ මිල ගණන් යටතේ රහසේ කෙරෙන මෙම දේශීය ඖෂධ කොල්ලය හේතුවෙන් පාරම්පරික දේශීය වෙදකමට ද අනතුරට පත්ව ඇතැයි නාඋල ප්‍රදේශයේ දේශීය වෛද්‍යවරු කියාසිටිති.
රක්ෂිතවල ඖෂධ අවභාවිත කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බව මාතලේ දිස්ත්‍රික්කයේ රක්ෂිතවල විවිධ ඖෂධ වර්ගවලට කරන බරපතල හානිය සම්බන්ධයෙන් අදහස් දක්විමන් දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් කියාසිටියේය. නාඋල ප්‍රදේශයේ ඖෂධ මංකොල්ලය සම්බන්ධයෙන් සිය අමාත්‍යංශයේ අවධානය යොමුකරන බව ද හෙතෙම පැවසීය.


2025 දෙසැම්බර් මස 18
689
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාඋල ස්වාභාවික රක්ෂිතවල දේශීය ඖෂධ අලෙවිකිරීමේ ජාවාරමක්
රජින්ද Wednesday, 19 June 2019 07:17 AM
වසල සූත්‍රයේ එන සියලුම චරිත විසින් මේ රටේ දේශපාලනය හසුරවන තුරා අපේ රටේ සියලුම අංශවල සිදුවන ව්‍යසනය කිසිසේත්ම වැළක්විය නොහැක. මේ අගාධයෙන් අපේ රට මුදවාගත හැක්කේ ජනතාව බුද්ධිමත් පාලන තන්ත්‍රයක් ඇති කිරීමෙන්ම පමණි.
Asoka Wednesday, 19 June 2019 10:30 PM
කවුරුන් හෝ රැක දේවි යැයි නම් සිතිය නොහැක. ප්‍රදේශ වාසින් එකමුතු වී වත් අපේ සම්පත් රැක ගැනීමට උත්සහ කරමු.