
(විනීතා එම් ගමගේ)
ධීවර සංස්ථාවේ වාර්ෂික විගණන 2015 න් පසු සිදුකර නොමැති බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
එමෙන්ම අයිස් යන්ත්‍රාගාර හා ශීතාගාර කිහිපයක් වසා දමා ඒවා යකඩවලට කපා විකුණා ඇතැයි ද විජේසේකර මහතා කීය.
ටොන් 1200 ක ගබඩා පහසුකම් ඇති මෝදර ශීතාගාරය කපා විකුණා ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා මින්නේරිය අයිස් යන්ත්‍රාගාරයට ද අත්ව ඇත්තේ එම ඉරණම යැයි ද සඳහන් කළේය.
මේ වනවිට රුපියල් මිලියන 43 ක බැංකු අයිරාවක් ඇතැයි ද මෙසේ විනාශ මුඛයට ඇද දමා ඇත්තේ ලාභ ලැබිය හැකි ආයතනයක් යැයි දකී විජේසේකර මහතා ඉකුත් පාලන සමයේ එකම ලොරි රථයක් හෝ මිල දී ගෙන නැතැයි ද පෙන්වා දුන්නේය.
කෙටි කාලයක් තුල ධීවර සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීම තම ඉලක්කය යැයි පැවසූ ඔහු එකී ප්‍රතිව්‍යුහගත කිරීම්වලට සියලු දෙනාගේ සහය බලාපොරොත්තු වන බව ද කීය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ධීවර සංස්ථාව පිළිබඳ ලංකාදීප කළ විමසීමක දීය.
COMMENTS