(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හය හැවිරිදි සහෝදරිය සමග සමඟ නිවසේ සිටි 12 හැවිරිදි පාසල් සිසුවෙකුගේ සිරුර කුඩා රෙදි කැබලි දෙකකින් මදුරු දැල එල්ලීම සඳහා උපයෝගි කරගන්නා කොක්කක එල්ලෙමින් තිබෙන දුටු මව දරුවා එයින් ගලවාගෙන අද (27) රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් සිටි බව පිළියන්දල පොලීසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කැස්බෑව තානායම පාර පදිංචිව සිටි  කවින් සඳරු විජේවර්ධන  යන අයයි.

පියා රැකියාවට ද මව වෙළඳසැලකට ද  ගොස් සිටි අවස්ථාවේදී මෙම සිදුවීම සිදුවී ඇති බවට නිවැසියන්ගේ ප්‍රකාශවලින් අනාවරණ වූ බව  පොලිස් නිලධාරියෙක් පැවැසීය

මව වෙළඳසැලට ගොස් නිවසට පැමිණ  මෙම දරුවා සොයා බැලීමේදී ඔහු පෙනෙන්නට නොසිටීම හේතුවෙන් දියණියගෙන් විමසීමේදී සිය සහෝදරයා හැංගී ඇති බවට ඇය විසින් ප්‍රකාශ කළ බව මව ලබාදුන් ප්‍රකාශයක සඳහන් ව‍ෙ.

මව කුඩා දරු දෙදෙනාට වෙන්කර තිබෙන කාමරයට පැමිණ බැලීමේදී දරුවාගේ  සිරුර  ඇඳ ඉහළ සිවිලිමේ මදුරු දැල එල්ලන යකඩ කොක්කක  එල්ලෙමින් තිබෙනු දැක වහා ක්‍රියාත්මක වී  දරුවා එයින් මුදාගෙන රෝහලට රැගෙන ගොස් ඇති අතර  දරුවා පරීක්ෂා කර බැලූ වෛද්‍යවරුන්   දරුවා  මියගොස් සිට ඇති බව  පවසා තිබූ බව පොලිසිය කියයි.