(එච්.එම් ධර්මපාල)
දෙහිවල වෛද්‍ය පාර අසල පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලක් මංකොල්ල කෑමට පැමිණි පුද්ගලයෙකු එහි හිමිකරුට අද (24) පිහියෙන් ඇන ඝාතනය කර පලා ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා නැදිමාල එබ්‍රහීම් ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි අබ්දුල් හෂිස් නැමැති තිදරු පියෙකු බව දෙහිවල පොලිසිය පැවැසීය.
වෙළඳ සැලේ ඉදිරිපස දොර අඩක් වසා දහවල් ආහාරය ගනිමින් සිටින අතර තුර සැකකරු දොර විවෘත කර ඇතුළු වී වෙළඳ සැලේ හිමිකරුට පිහියකින් ඇන ඇතැයි පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටිබව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd