(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුගේ අවිස්සාවෙල්ල උඩුපිල ප්‍රදේශයේ නිවසක් වටලා ගිනි අවියක් , ජීව උන්ඩ සහ තියුණු ආයුධ කිහිපයක් සමඟ මන්ත්‍රීවරයාගේ බිරිඳ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

44 හැවැරිදි එම  කාන්තාව සමඟ ෂොට් ගන් වර්ගයේ ගිනි අවියක්,ජීව උණ්ඩ නවයක් සහ කඩුවක් පොලිසිය බාරයට ගෙන ඇත.

මෙම වැටලීම කරන අවස්ථාවේදී මන්ත්‍රීවරයා නිවසේ සිට නැතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.