(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට සහ නාරාහේන්පිට පෞද්ගලික රෝහලට තැබීම සඳහා විශ්‍රාමික වෛද්‍ය අධිකාරීවරයාට බෝම්බ සැපයූ බව කියන පුද්ගලයා හම්බන්තොට රන්න ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායම් මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය
කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් මීට දින කීපයකට ඉහතදී අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ඒමෙන් අනතුරුව සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව රන්න ප්‍රදේශයට අද (20) ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගත් බව එම නිලධාරියා කීය
බොරැල්ල දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් වෛද්‍යවරයාගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ වසර අටක පමණ කාලයක් ආරක්ෂක නිලධාරියා ලෙස සේවය කල ලියනගේ දයාසේන නම් සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට මෙන්ම මීට මාස කිහිපයකට ඉහතදී නාරාහේන්පිට පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවලට බෝම්බ තැබුවේ විශ්‍රාමික වෛද්‍යවරයාගේ උපදෙස් මත බව අනාවරණය වී තිබිණි
ඒ පිළිබඳ පිළිබඳ කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායම විසින් වෛද්‍යවරයා ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී වෛද්‍යවරයා විසින් ඒ බව පිළිගත් බවත් ඒ අනුව ඔහුට බෝම්බය ලබා දුන් පුද්ගලයා පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවී ඇත
තමන් යටතේ ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කළ ලියනගේ දයාසේන නැමැති පුද්ගලයා මාර්ගයෙන්
රන්න ප්‍රදේශයේ රුවන් නමැත්තා හඳුනාගෙන බෝම්බ ලබාගත් බවත් වෛද්‍යවරයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී තවදුරටත් අනාවරණය වී තිබිණි
සැකකාර වෛද්‍යවරයා විසින් රන්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයාට බෝම්බ ලබාදීම වෙනුවෙන් වරින් වර මුදල් ලබාදී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
සැකකාර වෛද්‍යවරයා ගේ බිරිඳ කොරෝනා වෛරසය රෝගී තත්ත්වය උත්සන්න වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබූ අතර ,එලෙස බිරිඳ මියගිය මිය ගියේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල මත බවට ඔහුට මානසික ව්‍යාකූල තාවයක් ඇතිවී රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් මෙලෙස කටයුතු කර ඇති බවට තවදුරටත් අනාවරණය වූ වූ බව එම නිලධාරියා කීය.
හම්බන්තොට රන්න ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් කේ ආර් ප්‍රේමචන්ද්‍ර නොහොත් රුවන් නමැත්තා වරාය අධිකාරියේ සේවකයෙකු බවත් අපරාධ කිහිපයකට සම්බන්ධ වූවෙකු බව උසස් පොලිස් නිලධාරියා කීය.
අත්අඩංගුවට ගත් 55 හැවිරිදි සැකකරු ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් පවතින බවත් උසස් පොලිස් නිලධාරියා කීය
COMMENTS
ප්‍රධාන සැකකරුගේ පුත්‍රයා කාගේ හෙන්චයියෙක්ද කියලා හොයලා බලන්න. හුඟක් දේවල් හිතාගන්න පුළුවන් වෙයි..
වැඩේ අප සිතනවාට වඩා බරපතලයි වගේ. දොස්තරගේ පුතා යූටියුබ් එකේ තමන්ගේ හා පියාගේ නිදොස් බව කියා පොලීසියට දොස් පවරා තිබුණා. ඔහු කීවේ දිය විදිනා පිස්තෝල හා වායු පිස්තෝල තිබී පොලිසිය ඒවා අරන් ගිය බවයි. පත්තරේ තිබුණු ආයුධ හා කඩු ආදිය දැක්කම තමයි ප්‍රශ්නයේ සංකීර්ණ බව පෙනුණේ. ඒ කෙසේ වෙතත්, මේ අය අල්ලනවා වගේම ප්‍රශ්නයේ ප්‍රධාන වගකිවයුත්තා වන මෛත්‍රීපාලව ද අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතුයි. එතකොට තමයි වැඩේ නිවැරදි පැත්තට ගමන් කරන්නේ. එසේ නැතිව තෝරු, මෝරු නිදැල්ලේ තබා හාල්මැස්සන්, කූණිස්සන් පමණක් ඇල්ලීමෙන් වැඩක් නැහැ නේද කියලා හිතෙනවා. ජනතාව පෙර මෙන් නොවෙයි. දැන් බොහෝම බුද්ධිමත්. ඒ නිසා කෙරෙන වැඩ කටයුතු බොහෝ විනිවිද භාවයකින් යුක්ත විය යුතුයි. ස්තූතියි...!
දොස්තරලාගේ වරදින් බිරිඳ මිය ගියා කියලා පල්ලියේ බෝම්බ තියලා හරි යනවද ? අන්තෝ ජටා බහි ජටා
ඔවුන්ගේ මාධ්‍ය ප්‍රකාශණයට පැමිණි අය දිහා බැලුවම තේරෙනව පසුබිම. ඊට සහභාගි වූ කාන්තාව තමයි ප්‍රධාන භූමිකාව කරන්නෙ.
අත් අඩංගුවට පත් වෙච්ච කෙනා මානසික ව්‍යාදියකින් පෙලුනලු. හැබැයි බෝම්බෙකුත් හොයාගෙන ඒක තියන්ඩ මිනිහෙක්ට උපදෙසුත් දීලා සැලසුමකුත් ගහල. මෙච්චර මොලේ හොඳ අපිටනේ බෝම්බයක් තියා, සෙල්ලම් පිස්තෝලයක් හොයාගන්ඩ අමාරු, මේකත් හරියට කන්ගැට්ටා කෞතුකගාරේ බින්ද වගේ.
දැන් මොනවද කාදිනල් වහන්සේ කියන්නේ ?නිකම් බොරුවට නේද මොර දුන්නේ
ඕක ඉවර වෙනකොට ඔය බෝම්බය තිබ්බෙ රෝහණ විජේවීර නොවුනොත් තමා පුදුම .
ඔහොම වටේ යං....
මගඩි නාටක වලට අල්ලගන්නෙම දොස්තරලා වගෙයි. දොස්තරලගෙ අපල කාලයක්.
පුළුවන් තරම් ඉක්මනට ලංකාවෙන් පිටවෙන්න
අවසානයේ රටට හදිසි අවශ්‍යතාවලට බෝම්බ ගබඩාකර බෙදාහැරීම සිදු කරන්නේ හම්බන්තොටින්
කෝ මේ කාදිනල්?
වෛද්‍යවරයා නම් අරුම පුදුම මානසික රෝගියෙක්. බෝම්බ පුපුරවා යාමට ප්‍රථම සොයාගැනීම වාසනාවක්.. මෙම වැඩේට හවුල්වුණු අනික් පුද්ගලයින් නම් මේ වැඩේට සම්බන්ධ වෙලා තියෙන්නේ මුදල්වලට තියෙන කෑදරකමට... මැරිච්ච මිනිහත් සල්ලිවලට දිව දික්කරනවයි කියන්නේ නිකන්ද?
ගෙවල්වල තියෙන ප්ලාස්ටික් තුවක්කු වීසිකරපල්ලා... පොලිසියෙන් පැන්නොත් අල්ලන් යාවි.. ආයුධ ගබඩාවක් කියලා.
අලුත්ම තිර පිටපත... මේ මොන පව්කාර වැඩක්ද? කොහොම වුණත් හෙමින් සැරේ කතෝලිකයෙක්වම ගාවලා පල්ලියෙන්ම වැඩේ වහන්න හදන බව පෙනෙන්න තියෙනවා. එකක් කියනවා නම්.., දෙවියන් වහන්සේ තීරණ ගන්නේ මිනිස්සු වගේ නෙවෙයි. තීරණ ගනිද්දී මිනිස්සුන්ට මුකුත් කරන්න ඉතුරු වෙන්නේ නැහැ..
මෙයාලා කාටද මේ බොරු කියලා රවට්ටන්න හදන්නේ...?
පිටපත් ලිවීමේදී කොතනකහරි පොඩි වැරැදීමක් වෙලා වගේ...