IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


දිස්ත්‍රික් 5 කට නාය යාමේ අනතුරු ඇඟවීම්

( දිල්රුක්ෂි ග්‍රේරු)

අධික වැසි සහිත පවතින කාල ගුණික තත්ත්වය  හේතුවෙන්  දිස්ත්‍රික්  පහකට නාය යෑමේ  අවදානමක් ඇතැයි   ජාතික ගොඩනැගිලි පර්යේෂණ  සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබේ.

කොළඹ,කලුතර, කෑගල්ල,රත්නපුර සහ  ගාල්ල යන දිස්ත්‍රික් මෙලෙස නාය අවදානමක් ඇති දිස්ත්‍රික්ක ලෙස හ ඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ  සංවිධානය සඳහන් කරයි.

පසුගිය පැය 24 ක කාලයේදී  වර්ෂාපතනය මිලිමීටර් 100  ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතීනම් නාය යෑම් , බෑවුම් කඩා වැටීම්,ගල් පෙරලිම්,පොළොව ගිලා බැසීම් සහ පස් කණ්ඩි කඩා වැටීම්  යන අවදානම් සහගත තත්ත්වයන් පිළිබඳව  සැලකිලිමත්වන ලෙස හා ඒවැනි  අවස්ථාවකට මුහුණ දීමට සිදු වූවහොත් හැකි ඉක්මනින් ආරක්ෂිකාරී ස්ථානයකට ගමන් කිරීමට කටයුතු කරන ලෙස   ජාතික ගොඩනැගිලි පර්යේෂණ  සංවිධානය  ජනතාවගෙන් ඉල්ලීමක් ද  සිදු කරයි.

මේ අතර  දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 101 දශම  6 ඉමදූව - පින්නදූව අතර පස් කන්දක් කඩා වැටීමෙන් වාහන ධාවනය තාවකාලිකව නතර කර කිරීමට පියවර ගෙන තිබේ.

(ඡායාරූපය -බිමල් ශ්‍යාමන් ජයසිංහ ) දක්ෂිණ අධිවේගී මාර්ගයට පස් කන්දක් කඩා වැටීමේ ඡායාරූපයකි  


        



අදහස් (0)

දිස්ත්‍රික් 5 කට නාය යාමේ අනතුරු ඇඟවීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 634 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site