
(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් ආසාදිතයන් පිරිසක් හමුවීම නිසා යාපනය, මඩකළපුව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ පහක ග්‍රාම නිලධාරී වසම් හයක් අද (24) උදෑසන 6.00 සිට හුදෙකලා කෙරුණු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
මේ අනුව මේ ප්‍රදේශවලට ඇතුල්වීම මෙන්ම ඒවායෙන් පිටවීමද තහනම් කරනු ලැබ ඇත.
මෙසේ හුදෙකලා කරනු ලැබ ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයේ යාපනය පොලිස් බල ප්‍රදේශයේ රෙක්ලමේෂන් බටහිර ජේ 69, ගුරුනගර් බටහිර ජේ71 මඩකළපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ මන්ජන්තෝඩුවායි උතුර, මන්ජන්තෝඩුවායි දකුණ ග්‍රාම නිලධාරී වසමේ ජින්නා පාර සහ මමන්ගම්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල පොලිස් බල ප්‍රදේශයේ ඉලුප්පුගෙදර ග්‍රාම නිලධාරී වසමේ විලේගොඩ ගම, රස්නායකපුර පොලිස් වසමේ කණු කැටිය ග්‍රාම නිලධාරී වසමේ කණුකැටියගම යන ප්‍රදේශයන්ය .
හුදෙකලා කෙරුණු මේ ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන දැඩි කිරීමට පියවර ගන්නා ලදැයි පොලිස් මූලස්ථානය පවසයි.
මේ අතර කොවිඩ් ආසාදිතයන් පිරිසක් හමුවීම නිසා මඩකළපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරි වසම් 11ක්ද ඊයේ (23) අලුයම සිට හුදෙකලා කෙරිණ.
2025 දෙසැම්බර් මස 30
11
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දිස්ත්‍රික්ක තුනක ගම් හයක් වහයි