(ජේ.කේ.එල්.චාමින්ද)
දුෂණය නැති තැනක් ලංකාවේ කිසිම තැනක නොමැති බවත්, මෙරට පොඩිම පුද්ගලයාගේ සිට ලොකුම පුද්ගලයා දක්වා සියලුම දෙනා නීතිරීති උල්ලංඝණය කිරීමට පුරුදු වී තිබෙන බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද (09) අක්මීමණදී පැවසූහ.
අක්මීමන තල්ගස්යාය ශ්‍රි අශ්වත්ථාරාම විහාරස්ථ සිරිපවරකිත්ති දහම්පාසලේ 45 වැනි සංවත්සරය හා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරිමේ උත්සවයට එක්වෙමින් හිමිපාණෝ මේ බව පැවසූහ.
‘‘නිදහසින් පසු ලංකාවේ පොළව ලේ වලින් පිරිච්ච පොළවක් බවට හැරිලා තියෙනවා. මෙයට හේතුව තමයි දේශපාලන ලෝකය තුළ විනය නැතිවීමේ ප්‍රශ්නය. දේශපාලනය කරන අය මේකට වගකියන්න ඕනෑ. අපේ දහම්පාසල් දරුවන්ට විනය ගැන කථා කරලා වැඩක් නැහැ. පාසල් දරුවන්ට විනය ගැන කතාකරලා වැඩක් නැහැ.
අපේ වැඩිමල් අය අතරත් විනය තියෙන්නට ඕනෑ. මේ ලංකාවේ විනයක් නැහැ. පොඩිම කෙනාගේ සිට ලොකුම කෙනා දක්වා සියලුම නීතිරීති උල්ලංඝනය කරන්න පුරුදු වෙලා තියෙනවා. විශේෂයෙන්ම දුෂණය නැති තැනක් ලංකාවේ කොහෙවත් නැහැ. කොහේ හරිතැනක වැඩක් කරන්න ගියවිට හැමතිස්සේම කතාකරන වචනයක් තියෙනවා. පාරක් හදන්න යනවා කියමුකෝ...! එයට ටෙන්ටර් කැඳවන්න ඕක මොකක්ද දන්නවාද? ඒ ප්‍රසිද්ධ වචනය කොමිස්... කොමිස් ගැහිල්ල කියලා තමයි කියන්නේ... ‘‘ යැයි හිමිපාණෝ වැඩිදුරටත් සඳහන් කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන්වහන්සේ ගේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත. කිතුණුවන් සැබෑ සිංහල කිතුණුවන් කරන, රටට දැයට ආදරය කරන, සිංහල බෞද්ධයන් සමඟ ආදරයෙන් බැඳ තබන මෙතුමාගේ අවංක ක්‍රියා කලාපයට ජාතියේ ගෞරවය !! මහා සංඝරත්නයට නමස්කාර වේවා !!
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේගේ මෙම අදහස් අප ඉතා ඉහලින් අගය කරන්නෙමි.
ඔබ තුමාගේ අදහස මා ඉහලින් අනුමත කරනවා. පහල මිනිස්සු එසේ කලත් රටේ මිනිස්සුන්ගෙන් වැටුප් ලබන අයට එසේ කිරීමට කිසිම අයිතියක් නෑ. රටේ නීතිය හරිහැටි ක්‍රියාත්මක විය යුතුයි. පොඩි මිනිසෙකුට කිසි විටෙක නීතියේ සරණක් ලැබෙන්නේ නෑ. අඩුම තරමින් මානව හිමිකම් කොමිසම වැනි ආයතනයකින් පවා සහනයක් ලැබෙන්නේ නෑ. ඒ ගොල්ලොත් රටේ මිනිස්සුන් ගේ සල්ලි වැටුප් ලෙස අරගෙන හොරු ආරක්ෂා කරනවා. අධ්‍යාපනය හරියට තියේ නම් මේකට විසදුමක් අනාගතයේ දී ලබා ගැනීමට පුලුවන්. නමුත් විශ්ව විද්‍යාල වල ඉන්න උපකුලපතිවරුන් පවා දූෂණ, වංචා පලිගැනීම් සිදු කරමින් සිටින නිසා ඒ තත්වය නැති කිරීමට පහසු වී තිබෙනවා. යම් ආයතනවල ඉන්න ප්‍රධානින් එම තනතුරු වල සිට සහරන්ටත් එහා ගිය අපරාද සිදු කරමින් සිටිනවා. ඒක තමයි සත්‍යය. පර්මිට් ලබා දීම ආදිය නවතා සැමට තනතුරට අදාලව වැටුප් ලබා දෙන ක්‍රමයකින් තමා මේ ගැටළුව විසඳා ගත හැක්කේ. දේශපාලකයන් වටා ඇති උසස් යැයි සම්මත පිරිස් නිසා මේ ගැටළුව දේශපාලකයින්ට පේන්නේ නෑ.
ඔබතුමන්ලා රට බාරගන්න. මේ දේශපාලකයෝ කවදාවත් මේ රටට යහපතක් කරන්නේ නෑ. මා කියන්නේ පක්ෂ දේශපාලනයට එන්න කියලා නොවෙයි. මේ රටට ඇත්තේ ධර්මයේ සරණ පමණයි.
මම දන්නා තරමට ලංකාවේ එකම එක කාර්යාලයක් තියනවා දුෂණ නැති. එක ඔබතුමාගේ කාර්යාලය විතරයි. ඔබතුමාට සම්මා සම්බුදු සරණින් ස්වර්ගයටත් අපේ උත්තම වූ නිර්වානයටත් ලගා වෙන්න ලැබේවා.
මේවා අහන්න පිරිසුදු නායකයෙක් තවම බිහිවෙලා නේ 1977 පස්සේ
ඇත්ත තමයි කදිනල්තුමනි. මේ වචනය වෙනස් කරන්න මට අවසර. මේකට කියන්නේ “උදවුවක් කරන්න බැරිද කියලයි”.
ඔබතුමන්ලා රට බාරගන්න
ඔබ වහන්සේගේ අදහස් හරියටම හරි පියතුමනි.
ඔබතුමන්ලා රට බාරගන්න
රජකාලේ රජු පිනවීම වෙනුවෙන්ම නීති හා දඩුවම් හා ගැත්තරයින් හදාගන, අන්තඃ පුර තියාගෙන, ආගමට මුවා වී රජුට ආවඩන පුජකයින්ගේ සිදස්ථාන වර්ධනය කරමින්, රජු අකමැති සැම මරා දමමින්, පැවති ඒකාධිපති පාලනය කාලේ යහපත් රජවරුත් ද සිට ඇත. විජාතිකයින් රට පාලනය කළේ ද ඊට නොදෙවැනි අයුරුය. සුද්දාගෙන් නිදහස ලැබූ පසු අද දක්වාද එසේමය. රජ කාලෙ පුජ්‍ය පක්ෂය ලවා බුද්ධාලම්බණ ප්‍රීතියට පත්කළ රටේ ජනවිඥාණය දාගැබ් හැදීමට මෙහයවා එයට පස්ගත් තැන් වැව් කර ඒ අවට ගොඩ-මඩ වගාකර කෘෂි ආර්ථිකය දියුණුකොට රට ස්වයං පෝෂණය කළහ. සුද්දන්ගේ කාලෙ මංමාවත් මහාමාර්ග ඇල මාර්ග දුම්රිය මාර්ග රථවාහන දුම්රිය ඇතුළු එතෙක් ලංකාවේ නොතිබුණ බොහෝ දේ අතිකළහ. නිදහසින් පසු අගමැති D.S. එදාට අනුව බටහිර ළද ප්‍රතිපතියේ පිහිටා කෘෂි හා අනෙකුත් සියලු කර්මාන්ත දියුණු කරත්දී, 1936 පටන් අළුයට ගිනිපුලිගු සේ තිබුණු දෙමළ-සිංහල අන්තවාදය මෝදු වී මුස්ලිම් අන්තවාදය බෞද්ධ අන්තවාදය ක්‍රිස්තියානි අන්තවාදය දේශපාලන අන්තවාද හා සියලු අන්තවාද මුසුවී අදත් අවුල් වී ඇති රට ලෝක ආර්ථිකය සමග බද්ධ වී මේ තරමටවත් රගන්නේ ජේ ආර් ලා රනිල්ලා ඇතුළු පළපුරුදු දේශපාලනඥයෝ නිසා බවත් ප්‍රඥාවන්තයෝ දනිති.
මේ රටේ දේශ පාලකයන් පමණක් නොවේ දුෂිත. බහුතර මිනිස්සුන්ටත් විනයක් නැහැ. දුෂිතයි. එක නිසා තමයි ලංකාව මේ තරම් අබග්‍ය තත්වයකට වැටිලා තිබෙන්නේ. මේ තත්වයට දෙමාපියන්, පුජක පක්ෂය , අධ්‍යාපනයත් වගවිව යුතයි.
ඔබතුමාගේ අදහස මා ඉහළින් අනුමත කරනවා.
වාසල මම දන්නා තරමට ලංකාවේ එකම එක කාර්යාලයක් තියනවා දූෂණ නැති. එ්ක ඔබතුමාගේ කාර්යාලය විතරයි. ඔබතුමාට සම්මා සම්බුදු සරණින් ස්වර්ගයටත් අපේ උත්තම වූ නිර්වාණයටත් ළඟාවෙන්න ලැබේවා. වාසල, මොකක්ද ඒ කතාවේ තේරුම...? ස්වර්ගයයි, නිර්වාණයයි දෙකම ප්‍රාර්ථනා කරන්නේ මැරුණට පස්සේ. ගහක්, ගලක් වගේ ඉන්න උන්වහන්සේව යටිගම්පිටියට යවන්නද ඔයා හදන්නේ?
අපිත් කියන්නේ එතුමා කියන කතාවම තමයි . අපේ පස්සෙන් බඩ ගාගෙන ඇවිල්ල චන්දෙ හිගාකාපු මිනිස්සු විතරක් නෙමේ , අපි සුදුසු නැහැ කියලා පරදවපු එවුනුත් එක පොදියේ ආපහු පාර්ලිමේන්තු ඇවිල්ලා අපිටම කොකා පෙන්වලා අපිවම මහා දවල් මංකොල්ල කන සහ එවුන්ට විරුද්දව නැගී සිටින්නට කිසි කෙනෙක් නැති රටක් මේක . පැරදිච්ච උන්ට පාර්ලිමේන්තුවේ මන්ති කමුත් ඇමති කමුත් දෙන්න පුළුවන් නම් මොකටද ඡන්දෙයක් ? අනිත් එක උන් එළිපිට පගාවත් කොමිසුත් ගහනකොට නීතියෙන් ආවරණයක් තියෙනවා නම් .. අපි මොකද කරන්නේ ??
මිනිසුන්ගේ හොරකම් කිරීමට තිබුණ භය නැති කලේ පසු ගිය ආණ්ඩුව කාලයේයි.
කාදිනල් තුමා දැනටමත් දේශපාලන ගොහොරුවේ ඉණ ගාවටම බැහැලා ඉන්නේ. රට බාරගන්න කියන අදහස් දැක්කම උන්නාන්සේ හෙට, අනිද්දා වෙනකොට නහය ලඟටම වල බහීවි... පව්...!!!
නුවන් ඔබ හරි... සියලු විස්තර ලියන්න සීමිත ඉඩ මදිය...1818දී සියලු ජාතීන්, ජාතික සංගමය පිහිටුවාගෙන නිදහස ලැබෙන්නට නියම වී තිබියදී, වයස 39ක්වූ බණ්ඩාරනායකට රටේ නායකයා වීමේ බල තන්හාව ඇතිකල සිංහල බෞද්ධ අන්තවාදීන් 1939දී සිංහල මහසභාව පිහිටවීම නිසා, සිංහලුන් නිදහසින් පසු තම ජාතිය බලවත් කරන්න යන බැවින් සුදු පාලනය යටතේ 50ට 50 භුමි අයිතිය ලබාගන්නා බව කියා දෙමළුන් ජාතික සංගමයෙන් ඉවත් වෙද්දී, ඩී.ඇස්. යෙදු උපායයෙන් සියලු ජාතීන්ගේ අනන්‍යතාවය රැකගෙන රට පාලනය කිරීමට රැජිනගේ අනුමැතිය ලබූ සෝල්බරී ව්‍යවස්ථාව බලගන්වා 1948දී නිදහස ලැබුණු පසු ඩී.ඇස්. ගේ රජයේ කෘෂිකර්ම ඇමැති වූ බණ්ඩාරනායක සිංහල මහ සභාවේ නායකයා ලෙස යු.ඇන්.පී. මන්ත්‍රීවරයෙක් විය. 1951දී යූ.එන්.පී යෙන් ඉවත් වී සිංහල මහසභාව විසුරුවා හැර ශ්‍රී.ල.නි.ප.ය පිහිටුවා 1953දී පරජය වූ ඔහු උතුරු නැගෙනහිරට දෙමළ පාලන ඒකකයක් දෙන බවට චෙල්වනායගම් සමග ගිවිසුමක් ගසා 1956 දී බලයට පත්ව එය නොදීම නිසා 1958 ජාතිවාදී ගැටුම ඇතිවී ඉන්දීය ආධාරද ලබා සරණාගතයන් ලෙස රටවල් 80ක විහිදුණු දෙමළුන් කෝටි 8ක් බලවත්ව 1975දී දොරේඅප්පා මරා කොටි සටන ඇරඹුණි. එදා භාණ්ඩ හිඟය දෙමළ වැඩකි..
රාජපක්ෂ සමයේ සහ සිරාගේ කාලය තුළ ඔබවහන්සේ කියන කතාවට රටම එකඟයි.