IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


දුෂ්කර ප්‍රදේශවල ශිෂ්‍ය භික්ෂූන්ට ශිෂ්‍යත්ව හා අධ්‍යාපන උපකරණ

(ඩයනා උදයංගනී)

දුෂ්කර ප්‍රදේශයන්හි පිහිටි පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂූන් වහන්සේලා, සිල් මාතාවන් සහ ගිහි සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව, පරිගණක යන්ත්‍ර, අධ්‍යාපනික උපකරණ සහ පාවහන් තිලිණ පත් ප්‍රදානය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාහතගේ ප්‍රධානත්වයෙන් අද (30) ආරම්භ විය.

මේ යටතේ මොණරාගල, බදුල්ල, අනුරාධපුරය, පොළොන්නරුව, කෑගල්ල, රත්නපුරය, වවුනියාව, මුලතිව්, මඩකළපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්හි දුෂ්කර ප්‍රදේශවල පිහිටි පිරිවෙන්වල ඉගෙනුම ලබන සියලුම ගිහි - පැවිදි සිසුන්ට අවශ්‍ය අධ්‍යාපනික උපකරණ ප්‍රදානය කෙරෙන අතර දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 3කි.

මෙහි සමාරම්භය සනිටුහන් කරමින් සංකේතාත්මකව ශිෂ්‍යත්ව සහ අධ්‍යාපනික උපකරණ පිරිනැමීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (30) පෙරවරුවේ අරලියගහ මැදුරේ දී සිදුකෙරිණි.

මූලික පිරිවෙන් අවසාන පරික්ෂණයෙන් සහ ප්‍රාචීන ප්‍රාරාම්භ පරීක්ෂණයෙන් ඉහළම ලකුණු ලබාගත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ විසිනමකට විදේශ ශිෂ්‍යත්ව ප්‍රදානය ද මෙහිදී සිදු විය.

මෙම වැඩසටහන යටතේ පිරිවෙන් සඳහා රුපියල් මිලියන 12ක සෞන්දර්යය උපකරණ කට්ටල බෙදා දීම ද සිදු කෙරේ.

දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ www.piriven.gov.lk නිල වෙබ් අඩවිය එළිදැක්වීම ද ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදු කෙරිණ.

පිරිවෙන් අධ්‍යක්ෂ වටිනාපහ සෝමානන්ද හිමි, බලංගොඩ සෝභිත හිමි, නාරම්පනාවේ ආනන්ද හිමි, ආචාර්ය බෝදාගම චන්දිම හිමි ඇතුළු මහා සංඝරත්නය සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, රාජ්‍ය අමාත්‍යවරුන් වන විජිත බේරුගොඩ, සුසිල් ප්‍රේමජයන්ත්, පියල් නිශාන්ත, විදුර වික්‍රමනායක සහ සීතා අරඹේපොල යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (4)

දුෂ්කර ප්‍රදේශවල ශිෂ්‍ය භික්ෂූන්ට ශිෂ්‍යත්ව හා අධ්‍යාපන උපකරණ

siri Friday, 30 July 2021 06:59 PM

ඉස්සර පාසල් දරුවන්ට නොමිලේ ටැබ් පරිගණක දෙන්නට හදන විට "ප්‍රමිතියකින් තොර පරිගණක දීලා ළමයින්ට පිළිකා හදන්න උත්සාහ කරනවෝ "කියලා කෑ ගහපු කට්ටියම නේද දැන් ඒ වැඩේම කරන්නේ?

:       145       280

දිලාන් Saturday, 31 July 2021 01:03 AM

එකෙත් හැටි, හොද දෙයකට හොදයි කියන්න දිව නැමෙන්නේ නැත්තේ අපේ ජාතියේම වරදක් වෙන්න ඇති

:       1       0

සුනිමල් රත්නායක Saturday, 31 July 2021 07:32 AM

මෛත්‍රිපාල ජනාධිපතිතුමන් අකරවිට නගරයේ දහම් පාසල් සංවර්ධනය වෙනුවෙන් ලක්ෂ 10 බැගින් ලබාදුන්නා. ඒත් ඒ චෙක්පත තිබෙන්නේ තමන්ගේ නමටයි කියලා විහාරාධිපති ස්වාමීන්වහන්සේලා ඒ මුදල් දහම් පාසල් සංවර්ධන සමිතියට හෝ දායක සභාවට ලබාදෙන්නේ නෑ. දැන් අවුරුදු ගාණක් ගිහිල්ලා... දහම් පාසල් ගොඩනැඟිලි හැදෙන්නෙත් නෑ.. රජයෙන් දුන්නු සල්ලි වලට වුණු දෙයකුත් නෑ.

:       0       3

ලලීත් එම්Saturday, 31 July 2021 01:48 PM

චීවරධාරීන් වැඩිදෙනෙක් අන්ත ආත්මාර්ථකාමී තම සුඛවිහරණය පමණක්ම සඳහා පන්සල්වල ධනය යොදා ගන්නන්. සල්ලි දෙන්න ඕන දායක සභාවලට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1027 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1061 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site