IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දේශීය ලොකු ලූනු ගොවියා වගාවෙන් ඉවත්වීමට සුදානම්

(කාංචන කුමාර ආරියදාස)

වසර කිහිපයකට පසු මෙවර දේශීය ලොකු ලූනු වගාව නැවත ආරම්භ කිරීම සඳහා ගොවීන් සූදානම් වෙද්දී ජලය ,පොහොර හා බිජ ගැටළුවක් නිසා නැවතත් ලොකු ලූණු වගාව අනතුරේ වැටීමට යන බව දඹුල්ලේ ගොවීහු පවසති.

දේශීය ලොකු ලූනු වගාව මාතලේ දිස්ත්‍රික්කයේ බහුල වශයෙන් ව්‍යාප්ත විය .

ඒ අනුව පසුගිය කාලයේ මාතලේ දිස්ත්රික්කයේ පමණක් ලොකු ළූණු හෙක්ටයාර් තුන් දහසක් පමණ වගා කෙරිණි .

පසුගිය වසරේ වගා කෙරුණේ හෙක්ටයාර් 230ක වැනි ඉතා අඩු ප්‍රමාණයකි .ක්‍රම ක්‍රමයෙන් ලොකු ලූනු වගාවෙන් ගොවීන් ඈත් වෙද්දී මෙවර ලොකු ලූනු ගොවියා දිරිමත් කිරීම සඳහා රජය දේශීය ලොකු ලූනු ගැණුම් මිල රුපියල් 90 දක්වා සම්මත මිලක් ප්‍රකාශයට පත් කෙරුණි .

ඒ අනුව දඹුල්ල ,සීගිරිය ,ගලේවෙල ,දේවහුව ,නාඋල ,පල්ලේගම ආදී ගොවිජන සේවා බල ප්‍රදේශවල ගොවීන් නැවත ලොකු ලූණු වගාව ආරම්භ කිරීම සඳහා සූදානම් වූහ.

එහෙත් ලොකු ලූනු වගා කරුවන් බිම් සකසා ගාවට අවශ්‍ය බීජ ලූනු සපයා ගැනීමේ අපහසුතාවයකට පත්ව සිටිති.

රුපියල් 7500 ක් පමණ වටිනාකමකින් යුත් විදේශීය ලොකු ලූනු බීජ කිලෝව රුපියල් 15000 දක්වා රුපියල් 10000 ක් වූ දේශීය ලොකු ලූනු බීජ කිලෝව රුපියල් විසිපන්දාහ දක්වා වැඩිවීම වගාව අඩු වීමට බරපතළ ලෙස බලපා ඇතැයි ගොවීන් කියති.

එමෙන්ම ලොකු ලූනු වගාව සඳහා ජලය සපයනු ලබන්නේ කණ්ඩලම ජලාශයෙනි .

මෙවර කණ්ඩලම ජලාශය දියවර නිකුත් කිරීම ප්‍රමාද කොට 40% ක වගාව සඳහා දින දාහතරකට වරක් ජල මුර ක්‍රමයට නිකුත් කිරීමට මහවැලි අධිකාරිය තීරණය කිරීම නිසා ගොවීන් තවදුරටත් කබලෙන් ළිපට වැටී තාවන් දැමූ සහ බිම් සැකසුම් වගාබිම් වලින් ඉවත් වීමට සිදුව ඇතැයි ගොවීන් කියති.

බීජ හිගය ජල හිගය අමතරව ලොකු ලූණු වගාව සදහා අවශ්‍ය පොහොර හිගය බරපතළ ලෙස මතුවීම හේතුවෙන් මෙවර ද ලොකු ලූනු ගොවීන් වගාවෙන් ඉවත් වීමට සූදානමක් පවතින බව දඹුල්ලේ ලොකු ලූනු ගොවීන් වැඩි දුරටත් පවසති.

මෙරටට අවශ්‍ය ලොකුලූනු මාස 06 කට සෑහීම ප්‍රමාණයක් දේශීයව වගා කිරීමට හැකියාව තිබිණි .එමෙන්ම 2015 වසර වන විට සියයට සීයක් රටට අවශ්‍ය ලූනු වගා කිරීමට පසුගිය කාලයේ දේශීය ලූනු ගොවීන් ඉදිරිපත්ව සිටියහ.



අදහස් (2)

දේශීය ලොකු ලූනු ගොවියා වගාවෙන් ඉවත්වීමට සුදානම්

Pradeep Sunday, 03 May 2020 01:12 PM

අවශ්‍ය පහසුකම් සලසන්නේ නම් ලොකු ලුණු ආනයනය සම්පුර්ණයෙන්ම නවතා දමා දේශීයව වගා කළ හැකිය.

:       0       21

wasantha lal Sunday, 03 May 2020 03:16 PM

ජලය නිකුත් කිරීමේ ක්‍රමය ඇතුළත් ප්‍රතිපත්තිය ගොවියන් සමග සාමුහිකව කළ යුතුය. එය අතරමගදී හිතුමතේ වෙනස් කිරීම නීති විරෝධී විය යුතුය. කල්පනාකාරීව වැඩ කළ හැකි පනතක් වහාම ඇති කළ යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site