IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


දෘශ්‍ය දූෂණයට එරෙහිව පෙත්සමක්

 

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 

ඉදිරි මැතිවරණයේ දී පෝස්ටර් , බැනර් සහ කටවුට් ප‍්‍රදර්ශනය කිරීමෙන් සිදුවන දෘෂ්‍ය දූෂණයට අදාළ රෙගුලාසි වලට අනුව ක‍්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම ලබන 31 වැනිදා සිදු කිරීමට අභියාචනාධිකරණය අද (21) තීන්දු කළේය.

පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කල් ලබා දෙන්නැයි නීතිපතිවරයා කළ ඉල්ලීමක් සළකා බලමින් අධිකරණය පෙත්සම කරුණු තහවුරු කිරීම මෙදිනට කල් තැබිණි.

ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි.

පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර ඇති මෙම පෙත්සම අද (21) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා සඳහන් කර සිටියේ මෙම පෙත්සමට අදාළව මධ්‍යම පරිසර අධිකාරියෙන් හා පොලිස්පතිවරයා ගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය වන බවයි.

එම කරුණු දැක්වීම සැළකිල්ලට ගත් අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල පෙත්සම කරුණු තහවුරු කර ගැනීමට සඳහා ලබන 31 වැනිදා යළි කැඳවීමට තීන්දු කළේය.

පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය , හිටපු පොලිස්පතිවරයකු වන ජයන්ත වික‍්‍රමරත්න සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා මාර්ගයෙන් ගොනු කර ඇති පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.

2009 වසරේදී මාසයේදී පෙත්සම්කාර සංවිධානය විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර, එම පෙත්සමෙන් ඉල්ලා සිටියේ රජයේ පළාත් පාලන ආයතන සඳහා බැනර්, කටවුට් සහ පෝස්ටර් ප‍්‍රදර්ශනය කිරීම සඳහා ජාතික ප‍්‍රතිපත්තියක් සහ නිර්ණායකයක් සකස් කර නිර්දේශ කරන රිට් ආඥාවක් නිකුක් කරන ලෙයසි.

මෙම පෙත්සම විභාග වන අතරමැද , එනම් 2014 නොවැම්බර් 27 වැනිදා මෙම සැලැස්ම සකස් කර අවසන් බව මධ්‍යම පරිසර අධිකාරිය අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව පෙත්සම් විභාගය අවසන් විය.

නමුත් අවිධිමත් ලෙස පෝස්ටර් , බැනර් සහ කටවුට් ප‍්‍රදර්ශණය මඟින් සිදුවන දෘශ්‍ය දූෂණය වැළැක්වීමට මධ්‍යම පරිසර අධිකාරිය මෙතෙක් පියවර ගෙන නොමැත.

ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණය හේතුවෙන් මෙම රෙගුලාසි ක‍්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. එසේ නොවුණහොත් ප‍්‍රධාන නගර මෙම පෝස්ටර්, බැනර් සහ කටවුට් වලන් වැසී පරිසරය දූෂණය වීමත් , ඒ හේතුවෙන් ඒවා ඉවත් කිරීමට ප‍්‍රාදේශීය සභා සහ නගර සභාවන්ට මහජන මුදල් වැය කිරීමට සිදුවේ.

එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , දෘශ්‍ය දූෂණය සම්බන්ධයෙන් රෙගුලාසි ක‍්‍රියාත්මක කිරීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසද පෙත්සම්කාර සංවිධානය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

 



අදහස් (3)

දෘශ්‍ය දූෂණයට එරෙහිව පෙත්සමක්

Thilanka Siriwardana Monday, 21 October 2019 11:14 AM

ඉතාම හොඳ පියවරක්...

:       0       354

Deepal Nirosh Tuesday, 22 October 2019 05:46 AM

ඉතාම නිවැරදි කාලෝචිත පියවරක්, අපේක්ෂිත තීන්දුව ලද හොත් ඉදිරි සෑම මැතිවරණයක්ම ආවරණය වන පරිදි සංස්ථාපනය කළ යුතුයි.

:       0       0

Raveendra Tuesday, 22 October 2019 07:18 AM

ඇත්තෙන්ම අගනා තීරණයක් . මෙය සෑම බලු පොරයකටම ක්රියාත්ම කිරීමට හැකි නම් පුරවැසියන්ට එමගින් මහත් සහනයක් ලැබෙනු ඇත. මක්නිසාදයත් මේ බලුපොරවලට එන අයගේ මුණු දකිනවිට අහිංසක මිනිසුන්ගේ රුධිර පීඩනය අදික වෙනු නියත බැවිනි. එතරමටම දේශපාලුවන් කෙරෙහි මිනිසුන් තුල ඇත්තේ ඉතාම ප්‍රසන්න, සුන්දර හැගීම් මාලාවකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 254 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 398 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site