(සුජිත් හේවාජුලිගේ )
රටේ ආර්ථිකයට දායකවන ප්‍රධාන ආයතන ලෙස සැලකෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරි පුරප්පාඩු දහසකට වැඩි සංඛ්‍යාවක් පිරවීම ප්‍රමාදයවීම නිසා එම ආයතනවල කාර්යක්ෂමතාව බෙහෙවින් හීනවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.
අංශ ගණනාවක විශේෂඥයන්ගේ පුරප්පාඩු රැසක්ද මෙතෙක් පුරවා නැතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
රජයේ ආදායමෙන් සියයට අනුවක්ම ලැබෙන්නේ මෙම ආයතන තුනෙන් බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
මෙම පුරප්පාඩු වහාම පිරවීමට පියවර ගන්නැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඇතුළු කාරක සභා කිහිපයක් එම ආයතන ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත.
මේ අතර බදු ගෙවන ව්‍යාපාරිකයන්ගේ අභියාචනා සලකා බැලීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අභියාචනා කමිටු තුනක් පත්කර ඇති බවත් බදු අය කිරීම ප්‍රමාදවීමට අභියාචනා කමිටු කිහිපයක් පැවතීම හේතුවී ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
කමිටු තුනෙන්ම කෙරෙන්නේ එකම කටයුත්ත බව පැවසූ විතාරණ මහතා එක අභියාචනා කමිටුවක් පමණක් පවත්වාගෙන යන්නැයි එම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට මේ අනුව නියෝග කළ බවද පැවසුවේය.
මේ අතර ආයතන රැසක් කෝටි 8700ක් පමණ බදු ගෙවීම පැහැර හැර ඇති බවත් එම බදුවලින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙතෙක් අය කරගෙන ඇත්තේ කෝටි 400 ක පමණ අඩු බදු ප්‍රමාණයක් පමණක් බවත් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ ආයතනවලින් එකක සේවය කිරිමට කැමැත්තෙන් සිටිමි. සා.පෙල/උ.පෙල සමත් වී සිටිමි...
මම කැමතියි මේ දෙපාර්ථමේන්තුවෙ වැඩට
මම මෙම දෙපාර්තමේන්තුවේ වැඩකිරීමට කැමැත්තෙන් සිටින අයෙක්..