(දසුන් රාජපක්ෂ)
දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව වෙත මේ වන විට වනවිට පැමිණිලි 263ක් ලැබී ඇති බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
එම පැමිණිලි වලට අදාළව අද (17) දිනයේ සිට සාක්ෂි සටහන් කර ගැනීමේ කටයුතු ආරම්භ කෙරෙන බව එම ප්‍රකාශකයා කියා සිටියේය.
ඒ අනුව අද දිනයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි කාර්යාලයක රැස්වන මෙම ජනාධිපති කොමිසම වෙත රියර් අද්මිරාල් ඩී කේ පී දසනායක මහතා සාක්ෂි ලබා දීමට පැමිණෙන බව එම ප්‍රකාශකයා පැවසීය.
මෙම ජනාධිපති කොමිසම හෙට (18) සහ අනිද්දා (19) යන දිනයන්හිදී ද රැස්වෙන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd