IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දේශපාලන ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව එජාපය නඩු මඟට

(අංජුල මහික වීරරත්න)

රජයට එරෙහිව කරන විරෝධතා උද්ඝෝෂණ නිරෝධායන පනත යටතේ තහනම් කිරීමත් ඒවාට සහභාගී වන දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමටත් එරෙහිව වහාම නීතිමය පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එජාප නීති අංශයට අද(8) උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිරෝධායන පනත යටතේ උද්ඝෝෂණ විරෝධතා පැවැත්වීම තහනම් කිරීමටත් ඒවාට සහභාගී වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත් නොහැකි බව මීට පෙර එජාප නීති අංශය කරුණු පෙන්වා දෙනු ලැබිණි.

විරෝධතා සහ උද්ඝෝෂණවල යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී පක්ෂයේ දේශපාලන නායකයන් අත්අඩංගුවට ගැනීමත් සමග රනිල් වික්‍රමසිංහ මහතා නීති අංශයට දුන් උපදෙස්වල දැක්වෙන්නේ ඉහත පියවරට එරෙහිව අධිකරණයෙන්ම නීතිමය ආවරණය ගන්නා ලෙසයි.

රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව එක්සත් ජාතික පක්ෂයේ නීති අංශයේ මෙහෙයවීමෙන් ලබන සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් කීපයක් ද ගොනු කිරීමට නියමිතය.

 



අදහස් (0)

දේශපාලන ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව එජාපය නඩු මඟට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 28 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site