
(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
ජනතාව දේශපාලඥයන් පිළිගත් කාලය අවසන් යුගයට පැමිණ ඇතැයි බුද්ධ සාසන ආගමික හා සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය විදුල වික්‍රමනායක මහතා පවයයි.
ලෝකයේ තෙල් මිල අඩු වුණා කියලා. අපේ රටෙි තෙල් මිල අඩුවෙන්නේ නැහැ මොක ද මෙිික ලංකාවනේ දෙයියනේ. හැමදාම ඔය වගේ වැඩ තමයි සිද්ධ වුණේ.
ඊට ප්‍රධානතම හේතුව ආර්ථික කළමනාකාරණයක් නැතිකම .ආර්ථික දැක්මක් ඉලක්කයක් තියෙන්න පුළුවන්. හැබැයි ඉලක්කය කරා යන පැහැදිලි මාර්ගයක් තියෙන්නේ ඕනේ. තෙල් මිල වැඩි වුණාම අනිවාර්යයෙන්ම බඩු මිල වැඩි වෙනවා. ඒ බර දරන්නේ මෙිි රටෙි ජනතාව . බස් ටිකටි එක වැඩි වෙනවා. ත්‍රිරෝද රථ ගාස්තු වැඩි වෙනවා. ජනතාව පිඩාවට පත් කිරිම නුසුදුසුයි. ඒකයි අපේ පෞද්ගලික මතය.
හරි දේට හරි කියන එකත් වැරදි දේට වැරදියි කියන එකත් ඉස්කෝලෙ යන කාලෙත් මම කිවිවා. ජනතාව දේශපාලඥයන් පිලිගත් කාලය අවසන් වී දේශපාලඥයන් ජනතාව පිළිගන්නා යුගය දැන් එළඹී ඇතැයි ද ඔහු කීය.
බලන්ගොඩ ඉුඔුල්පේ ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ නව සංස්කෘතික මධ්‍යස්ථාන විවෘත කිරිමෙිි උත්සවයට එක් වෙමින් අමාත්‍යාවරයා මෙිි බව කිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ ඇමැතිකම් දරමින් බොරුවට ආණ්ඩුව විවේචනය කරමින් අපිව රවට්ටන්න හැමදාමත් බැහැ.
විදුර, ඔබ කියූ ඔබේ උසස්කම් අපට කියන්න..!!!
අනේ බොහොම පරිස්සමෙන් මෙයාගෙ කතාව අහන්න.... මේ පාර්ලිමේන්තුවේ ඉන්න නරියෙක්.....
තේරුම් ගත්ත එක හොඳයි ,හැබැයි ප්‍රමාධයි දැන් දැන් මිනිස්සුන්ගේ හිත කිඹුල් කඳුළු වලට සැලෙන්නේ නැහැ
ඔබතුමාගෙ අදහස් ඉතාමත් අගය කරනවා නමුත් නිසි ආර්ථික කළමනාකරණයක් නොදන්නා පිරිසක් සමග කටයුතු කිරීමට මනාපයක් ඇත්තෙන්ම නැහැ
පුලුවන්නම් ආණ්ඩුවෙන් ඉවත් වෙලා විරෝධය පලකරන්න නිකන් ජනතාව ඉස්සරහා පීචන් වෙන්නේ නැතුව
20 වැනි සංශෝදනයට ඇත ඉස්සුවා නේද?පාර්ලිමේන්තුවේ කරන්නේ එකක් ,එලියට ඇවිල්ලා ජනතාවට බොරු බබා පාර්ට් දාන හැටි.
ජනතාව දේශපාලකයන් විශ්වාස කරන්නේ නෑ. තම වැඩ කරගන්න සලකනවා වගේ පෙන්වනවා. ඉන්පසුව සාප කරනවා
දේශපාලකයන්ගේ නොවෙයි යකෝ තොපේ කාලේ අවසන්.මේ රටට හරියන්නේ තොපිව අවුරුදු 25 විතර විපක්ෂයට ඇරපු දාට
ඒක ඇත්ත... අපි දේශපාලකයින් සමග පුද්ගලික දැන හැඳිනකම් තිබුණත් එය හංගගෙන ජීවත්වෙන තත්වයක් මේ ආණ්ඩුව කාලේ උදාවෙලා තියෙන්නේ... ඒ අයගේ නමක් කිව්වොත් මිනිසුන්ගේ මුහුණේ අවඥා සහගත බැල්මක් එන්නේ... “අනේ අපිට ඇමතිතුමාව හමුවෙන්න ඕනේ” කියන්නේ එක්කෝ හොර වැඩවලට කියාපු කට්ටිය, නැතිනම් ඇමතිට මූනිච්ඡාවට උඩ දාල තමන්ගේ වැඩේ පුළුවන් නම් කොමිස් දීලා හරි කරන්න ඉන්න අය. ඒ තරම්ම දේශපාලකයින් වටා හොඳ මිනිස්සුන්ට ගැවසෙන්න පිළිකුල් වෙලා. එය කණගාටු දායක තත්වයක්....
අනේ මහත්තයෝ ඔබතුමා එහෙම කියන්නේ හරියට කරන්න දැනගෙනද?දේශපාලනය නොගෑවිච්ච ක්‍රියාවලියක් තියනවානම් පෙන්නලා දෙන්නකෝ.දේශපාලනය බලෙන් හරි ගාව ගන්න ක්‍රමයක් නේ තියෙන්නේ.චන්ද ගොඩ වැඩි කර ගන්න ඕනේ නිසා