(විනීතා එම් ගමගේ)
දේශපාලඥයින්ට ඔවුන් ගේ පවුල්වල සාමාජිකයින්ට ඥාතින්ට හෝ සමීපතමයින්ට වැලි කලුගල් හෝ පස් කැණීම් බලපත්‍ර ලබා නොදෙන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා පතල් කැණීම් කර්යංශයට අද (22) කළේය.
මෙම නියෝගය වහා ක්‍රියාත්මක කරන ලෙස ද අමාත්‍යවරයා කාර්යංශයේ ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.
දේශපාලඥයින්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ඥාතින්ට හා සමීපතමයින්ට එම බලපත්‍ර ලබා ගැනීමට නොහැකිවන පරිදි නීති සකසන ලෙස ද අමාත්‍යවරයා එම නිලධාරින්ට උපදෙස් දී ඇතග.
සමහර දේශපාලඥයින් පාර්ලිමේන්තුවට එන්නේ මෙම බලපත්‍ර තම තමන්ගේ අයට බෙදා ගැනීමේ අරමුණින් බවත් මහා පරිමාණ ජාවරමක් වන එම තත්ත්වය වෙනස් කළ යුතු බවත් මේ පිළිබඳව ලංකාදීපයට අදහස් දක්වමින් අමරවීර මහතා කියා සිටියේය.
පසුගිය දා වැටලීමක් කර අත් අඩංගුවට ගත් කුරුණෑගල මහා පරිමාණ ගල්වලක තිබු බැකෝ ට්‍රැක්ටර් ඇතුළු යන්‍ත්‍රෝපකරණ මුදා හරින ලෙසත් එම ගල්වල නීත්‍යානුකූල කර දෙන ලෙසත් ඉල්ලමින් විවිධ මට්ටම්වල දේශපාලඥයින්ගෙන් බලපෑම් එන බව කී අමාත්‍යවරයා මේ තත්ත්වය වෙනස් කිරීමේ අරමුණින් මෙම නීතිය ගෙන එන බව ද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහලු මිත්‍රයින්ට දුන්නට කමක් නැහැනේ... පවුල්වල උදවිය දුන්නට කොමිස් ලැඛෙන්නේ නැහැනේ...
හිතන තරමට කරගන්න පුළුවන් වෙයිද? අදහස නම් රටෙම පැතුම... හැබැයි ඉතින් ක්‍රියාත්මක කරද්දී රාජපක්ෂ පවුලේ අනුමැතිය ලැඛෙන එක ගැන නම් සත 5ක විශ්වාසයක් නැහැ. පවුලේ අයට විතරක් නොවෙයි. හෙංචයියන්ටත් දෙන්න එපා.
මේ ගොයියා අවුරුදු කියක් පට්ටියේ හිටියත් එතෙක් මෙතෙක් තමන්ගේ පට්ටියේ වරිගෙට විරුද්ධව ගෙනාපු හොදම යෝජනාව මෙය විය යුතුය.
මුලු රටම පවුලකට බාර දුන්නා නම් හරි
එතනෝල්, බාර් බලපත්, දුන්නට කමක් නැද්ද?
වෙනත් ඕනෙම රටක රජය විසින් මෙවැනි බලපත්‍ර විශාල ගණන් වලට වෙන්දේසි කර රජයට ආදායම් ලබා ගන්නවා. ඇයි අපට මේක කරන්න බැරි? ස්වභාවික සම්පත් හෙංචයියලාට බාරදීම හැම රජයකින්ම කරන කාබාසිනියා වැඩක්.
දේශපාලඥයින්ගේ සමීපතමයින්ගේ ඥාතීන්ට සහ දේශපාලනඥයින්ගේ ඥාතීන්ගේ සමීපතමයින්ට දුන්නාට නම් කමක් නැහැ නේද?
මේ බොරු... නිකම් අපිව අන්දන කතා. හිතුවද අපි කොණ්බෙ බැඳපු චීන්නු කියලා..? මේ ගොල්ලන් දැන් ඇළ දොළ ගස්, කොළන් මුලු පරිසරයම විනාශ කරලා ඉවරයි.