IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දේශපාලකයන් ප්‍රවාහනයට ගන්නා ගුවන් හමුදා යානා ගැන සොයන්නැයි මැතිවරණ කොමිසමට ඉල්ලීමක්

(බිඟුන් මේනක ගමගේ)

ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා මැතිවරණ ප්‍රචාරණ රැස්වීම්වලට ප්‍රවාහන පහසුකම් සඳහා යොදාගැනීමේදී මැතිවරණ කොමිසමේ නියෝග ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන්නේදැයි ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා ආයතනය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත.

ගුවන් හමුදාවට අයත් යානා මැතිවරණ ප්‍රචාරණයට යොදාගැනීමේදී මැතිවරණ කොමිෂන් සභාව 2141/52 ගැසට් නිවේදනය යටතේ නිකුත් කරන ලද නියෝග උල්ලංගණය වන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද ඒ අනුව මෙම ඉල්ලීම කළේ යැයි ද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මැතිවරණ කොමිසමේ ගැසට් නිවේදනයට අනුව සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්, මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදවාගන්නා ගුවන් යානා,හෙලිකොප්ටර් හෝ වෙනත් කිසිදු වාහනයක් භාවිත කිරීම පිණිස මහජන මුදල් යොදවා නොගන්නා බවට සහතික විය යුතු යැයි ද එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා පවසයි. 

හෙලිකොප්ටර් ඇතුළු රාජ්‍ය දේපළ පරිහරණය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් නියෝග නිකුත් කර ඇති නමුත් මෙම නීති රීති ඒ අයුරින්ම අනුගමනය කරන බවට සහතික වීම පිණිස ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුළු රාජ්‍ය බලධාරීන්ගේ දැඩි අධීක්ෂණය අත්‍යවශ්‍ය යැයි ද එම නිවේදනයේ සඳහන් වේ. 

එමෙන්ම රාජ්‍ය නිලධාරීන් තමන්ගේ ක්‍රියාවන් හෝ අතපසුවීම් හේතුවෙන් ඇතිවිය හැකි නීතිමය ප්‍රතිවිපාක පිළිබඳ හොඳින් දැනුවත්ව සිටිය යුතු යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 



අදහස් (1)

දේශපාලකයන් ප්‍රවාහනයට ගන්නා ගුවන් හමුදා යානා ගැන සොයන්නැයි මැතිවරණ කොමිසමට ඉල්ලීමක්

Suranimala Tuesday, 12 November 2019 02:12 AM

අපිට මතකයි... අර දවස් 52කේ ආණ්ඩුව හදපු දවස් ටිකේ කෙළිකොප්ටර් බිල ලක්ෂ 900ක් කියලා පත්තරේක තිබුණා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 313 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site