(මනෝප‍්‍රිය ගුණසේකර)

බලපත‍්‍ර නොමැති බව සඳහන් කරමින් මීට වසර 06කට පෙර අත්අඩංගුවට ගෙන වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටී දෙව්මිණි, සහ ,වස්තු, යන අලි පැටවුන් දෙදෙනා ඔවුන්ගේ හිමිකරුවන්ට මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද නියම කළේය.

දෙව්මිණි, සහ ,වස්තු, යන අලි පැටවුන් දෙදෙනා වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තැබීමට කොළඹ මහේස්‍රාත් අධිකරණ නියෝගයට එරෙහිව අලි හිමිකරුවන් විසින් ඉදිරිපත් කළ ප‍්‍රතිශෝධන ඇයැදුම් පත් විභාග කිරීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා එලෙස නියම කළේය”

දෙව්මිණි, සහ ,වස්තු, යන අලි පැටවුන් දෙදෙනාගේ හිමිකරුවන් වන අනූෂා විජයන්ති පෙරේරා සහ ප‍්‍රදීප් සංජය මීවලපලාන නමැත්තන් මහෙස්ත‍්‍රාත් අධිකරණ තීන්දදුව අභියෙයා්ගයට ලක් කරමින් මෙම ප‍්‍රතිශෙශා්ධන ඇයැදුම් පත් ඉදිරරිපත් කොට තිබිණ.