IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දෙවැනි විශේෂ මහාධිකරණයත් එයි


 
 
බිඟුන් මේනක ගමගේ 

 
බරපතල මූල්‍ය වංචා දූෂණ නඩු විභාග කිරීමේ දෙවැනි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අලුත්කඬේ මහාධිකරණ ශාලා අංක 01 හි පිහිටුවීමට තීරණය කර ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. 
 
1978 අංක 2 දරණ අධිකරණ සේවා සංවිධාන පනතින් අධිකරණ ඇමැතිවරියට පැවැරී ඇති බලතල යටතේ මෙම පිහිටුවීම සිදුකර ඇතැයි ද ඔහු කීය.
 
ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ දෙවැනි විශේෂ මහාධිකරණය සඳහා විනිසුරුවරුන් පත්කර තිබූ නමුත් එය පිහිටුවීම පමා වූයේ එය කොළඹ අධිකරණ බල ප්‍රදේශයේ පිහිටු වන ස්ථානය පිළිබඳ ප්‍රශ්න මතු වූ නිසාය. 
 
අධිකරණ අමාත්‍යාංශය මගින් එය නිල වශයෙන් අධිකරණ සේවා කොමිසන් සභාවට භාරදෙන්නේ යැයි ද ඉන් පසු එහි භාරකාරිත්වය අගවිනිසුරුවරයා සතුවන්නේ යැයි ද එම නිලධාරියා සඳහන් කළේය.
 
විශේෂ මහාධිකරණ පිහිටුවීමේ සංශෝධන පනත් කෙටුම්පත පසුගිය වසරේ මැයි 9 වැනිදා ව්‍යවස්ථාදායකයේ වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර ඊට අනුව එහි පළමු විශේෂ මහාධිකරණය පසුගිය වසරේ අගෝස්තු 21 වැනිදා පිහිටුවිණි.
 
දණ්ඩ නීති සංග්‍රහට යටතේ ගැනෙන වැරදි විභාග කිරීමට මෙම මහාධිකරණවලට බලය හිමිවන අතර ඒ අනුව අල්ලස්, සාපරාධී විශ්වාසය කඩ කිරීම, මූල්‍ය අපහරණය, මූල්‍ය විශුද්ධිකරණය, ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදීම, සංවිධානාත්මක අපරාධ සහ මහජන දේපල අවභාවිතයට අදාළ පැමිණිලි විභාග කිරීම එහිදී සිදුවේ.



අදහස් (9)

දෙවැනි විශේෂ මහාධිකරණයත් එයි

sena Sunday, 17 February 2019 08:46 AM

මොකටද සල්ලි නාස්ති කරන්නේ මේවාගෙන් කෙරෙන වැඩේ මොකක්ද?

:       71       13

sirimal Sunday, 17 February 2019 10:51 AM

"විශේෂ මහාධිකරණ" කියලා කීවට ඇති විශේෂත්වයක් පෙනෙන්නේ නැහැනේ. මේවගේ දැන් නඩු දෙකක්ම ඇහෙනවා නේද? ඒවා ඇහෙනවාට වැඩිය ඇහෙන එක කල් යන හැටි තමයි පෙනෙන්න තියෙන්නේ. හොරු අල්ලන්නවා කියලා බලයට ඇවිත් දැන් අවුරුදු හතරක් පොල්ගගා ඉඳල දෙගොල්ලෝ දෙපැත්තට බෙදිලා ඇන කොටා ගන්න පටන් ගත්තා හැරෙන්න පොරොන්දු වුන දෙයක් කරන්න පුළුවන් කමක් තියෙන බවක් නම් පෙන්නුම් කලේ නැහැ. තව මාස කීයද ඉතුරුවෙලා තියෙන්නේ?

:       246       150

Hafeel Sunday, 17 February 2019 11:59 AM

මේක මේ ආණ්ඩුවේ තවත් සංදර්ශනයක්. මේ ආණ්ඩුව බලයට ඇවිත් දැන් අවුරුදු හතරටත් වැඩියි. මේ පනත සම්මත කරලා දැන් අවුරුද්දකටත් වැඩියි. පළමු විශේෂ මහාධිකරණය පිහිටවූයේ පසුගිය වසරේ අගෝස්තු 21 වැනිදා. එ්කත් දැනට මාස 6ක් ගතවෙනවා. එක් නඩු තීන්දුවක් හෝ එකකට හෝ දඬුවම් දීලත් නැහැ. හැබැයි මේ පනත සම්මත කරනකොට නම්, මේ ආණ්ඩුවේ ඇමතිලා මහා ලොකුවට කිව්වා මාසයක් තුළ නඩු අහලා දඬුවමුත් දෙනවයි කියලා. ඒ නිසා මේ දෙවැනි මහාධිකරණයත් විහිළුවක්...

:       114       53

Gunapala Sunday, 17 February 2019 02:15 PM

ඇයි ත්‍රී වීල් යන හැටි පේන්න නැද්ද? ඔබ ත්‍රී වීල් කාරයෙක් නේද?

:       16       0

upali Sunday, 17 February 2019 04:16 PM

දැන කොහොමද නඩු දාන්නේ? මගුල් ගෙදර ගිහිල්ලා කේක් කීවට පස්සේ...

:       21       4

wije Sunday, 17 February 2019 04:24 PM

මේවා ආවා කියලා වැඩක් නැහැ.. මේවායෙන් කාටවත්ම දඬුවම් කරන්නේ නැහැ.. එන්න එන්නම රටේ අපරාධ වැඩිවෙනවා.. පොඩි මිනිහට එක නීතියකුයි, ලොකු කෙනාට තවත් නීතියකුයි ක්‍රියාත්මක වෙන රටකට මොන අධිකරණද?

:       0       42

abaran Sunday, 17 February 2019 09:05 PM

මම හිතන්නේ හොරෙන් අඹ කඩන අය හිරේට අරින්ට වෙන්නැති .

:       0       0

Bandara Sunday, 17 February 2019 10:09 PM

මේවා මහ බොරු වැඩ. අධිකරණ ගොඩක් ඇතේ,ඒත් එක හොරෙක්වත් ඇතුලේ නැත.

:       0       0

bo Sunday, 17 February 2019 11:57 PM

කවද්ද රනිල්, මහේන්ද්‍රන් ඇලෝසියස් එම්පිලා මේ උසාවියට යන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31184 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13344 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10965 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 66 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 897 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site