(හර්ෂණ තුෂාර සිල්වා)
ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රසෙනකා ‘කොවිඩ්-19’ ප්‍රතිශක්තීකරණ එන්නත ඊයේ(30) දිනයේදී 32,539 දෙනකුට ලබාදුන් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
ඒ අනුව ‘කොවිඩ්-19’ ප්‍රතිශක්තීකරණ එන්නත ලබා දී ඇති මෙරට මුළු ගණන 37,825 කි.
මෙරට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ මුල් දිනයේ දී මුල් පෙළ සෞඛ්‍ය සේවකයන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු 5,286 දෙනකුට එන්නත ලබා දීමට සෞඛ්‍ය අංශ සමත් විය.
බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රසෙනකා සමාගමේ ‘කොවිඩ්-19’ එන්නත ඉන්දියාවේ සේරම් ආයතනය ද නිෂ්පාදනය කරන අතර මෙරට ගෙන්වන ලද්දේ ඉන්දියාවේ නිෂ්පාදිත එන්නත ය.
ඉන්දියාවේ නිෂ්පාදිත ‘කොවිඩ්-19’ එන්නත එරට ‘වැක්සීන්මෛත්‍රී’ වැඩසටහන යටතේ අසල්වැසි රටවලට නොමිලේ ලබා දේ. ඒ අනුව ඉකුත් දා ඉන්දියාව ප්‍රදානය කරන ලද ‘කොවිඩ්-19’ එන්නත් මාත්‍රා ලක්ෂ පහක් මෙරටට ගෙන්වන ලදි.
මේ අතර චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් කොවිඩ්-19 එන්නතෙන්, මාත්‍රා ලක්ෂ තුනක් මෙරටට පරිත්‍යාග කරන බව චීනය ඉකුත් දා නිවේදනය කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දෙවැනි දිනයේ දී 32,539 දෙනකුට එන්නත