රජ පවුලෙන් ඉවත්වීමට හැරී කුමරු ගත් තීරණයත් සමඟ හදිසි රැස්වීමක් කැඳවීමට බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින තීරණය කර ඇතැයි වාර්තා වේ.
සසෙක්ස් ආදිපාදවරයා සහ ආදිපාදවරිය යන ගෞරව නාමයෙන් හැඳින්වෙන බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් මාකෙල් බ්‍රිතාන්‍ය රජ පවුලෙන් ඉවත් වීමට ඉකුත් දා (9) තීරණය කළහ. බ්‍රිතාන්‍ය රජ කිරුළට උරුමකම් කියන 6 වැනියා හැරී කුමරුන් ය.
හැරී කුමරුන්ගේ තීරණයත් සමඟ රජ පවුල තුළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වන අතර ඊට විසඳුමක් සෙවීමේ අරමුණින් එළිසබෙත් රැජින මෙම හමුව කැඳවා ඇත.
හැරී කුමරුන්ගේ පියා වන චාල්ස් කුමරු, සහෝදරයා වන විලියම් කුමරු ද එම හමුවට සහභාගී වීමට නියමිත බව බි්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය.
මෙම හමුව නැගෙනහිර එංගලන්තයේ පිහිටි දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ පෞද්ගලික වතුයායක් වන සැන්ඩ්‍රින්හැම්හිදී පැවැත්වෙන බව ද එම මාධ්‍ය වාර්තාවල දැක්විණි.
මේගන් මාකෙල් කැනඩාවේ සිට විඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම හමුවට එක්වීමට නියමිත අතර ඇති වී තිබෙන ප්‍රශ්නයට විසඳුමක් සෙවීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.
චාල්ස් කුමරුන්ට අයත් වතුයායවලින් හැරී කුමරුන්ට කොතරම් මුදලක් ලැබෙනවාද ? ඔවුන්ගේ රාජකීය ගෞරව නාම, ඔවුන්ට එක්විය හැකි වාණිජ ගිවිසුම් මොනවාද යන කරුණු සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡා කිරීමට නියමිත බවත් බ්‍රිතාන්‍යයේ ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කර තිබිණි.
තමා සහ හැරී කුමරු දැන් වෙනමම දෙදෙනකු යැයි විලියම් කුමරු විශ්වාස කරන බව ද එම පුවත්පත වාර්තා කර තිබිණි. හැරී කුමරුන් රජ පවුලෙන් ඉවත් වීමට ගත් තීරණය නිසා විලියම් කුමරු මෙන්ම චාල්ස් කුමරු ද කනස්සල්ලෙන් පසුවන බව වාර්තා විය.
“අපි අපේ මුළු ජීවිත කාලෙම මල්ලිත් එක්ක හිටියා. අපි ප්‍රශ්නවලට එකට මුහුණ දුන්නා. ඒත් දැන් එහෙම කරන්න බැහැ. අපි දැන් දෙන්නෙක්” යැයි ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණි. විලියම් කුමරු මේ බව පවසා ඇත්තේ ඔහුගේ මිතුරකුට යැයි ද එම පුවත් වාර්තාවේ දැක්විණි.
හැරී කුමරු, මේගන් මාකෙල් සහ ඔවුන්ගේ පුතු ආචී නත්තල ගත කළේ කැනඩාවේය. ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු නිළියක වන මාකෙල් මේ සතියේදී නැවත වරක් කැනඩාවට යෑමට නියමිතය.
රජ පවුලෙන් ඉවත් වන බව නිවේදනය කළ අවස්ථාවේදී නිදහසේ කාලය ගත කිරීමට අවශ්‍ය බව ද හැරී සහ මේගන් මාකෙල් යුවල පැවැසූහ.ඒ අනුව ඔවුන්ගේ ඉල්ලීමට විසඳුම් සෙවීමට ඉක්මන් වන්නැයි ද එළිසබෙත් මහ රැජින පසුගිය බ්‍රහස්පතින්දා කාර්යමණ්ඩලයට දැනුම් දුන්නාය.
මේගන් මාකෙල් වැන්කුවර් දූපත්හි පිහිටි මන්දිරයට පැමිණ ඇතැයි කැනඩාවේ ඇතැම් මාධ්‍ය වාර්තා කළේය. හැරී-මේගන් පවුල වසර අවසාන නිවාඩුව ගත කළේ එහිය. ඔවුන්ගේ ආචී පුතු ආචි පුතු එහි තම ආච්චි අම්මා සමඟ කාලය ගත කළේය.
බි්‍රතාන්‍යයේ සහ උතුරු ඇමෙරිකාවේ වැඩි වශයෙන් කාලය ගත කිරීමට අවශ්‍ය බව බදාදා (8) ප්‍රකාශ කළහ. එම ප්‍රකාශයෙන් රජ පවුලේ ජ්‍යෙෂ්ඨයෝ වික්ෂිපත් වූහ.
එදිනම සවස රැජිනගේ කාර්යාලය කෙටි නිවේදනයක් නිකුත් කළ අතර “සංකීර්ණ කිහිපයක් ඇති බවත් ඒවා විසඳා ගැනීමට යම් කාලයක් ගතවන” බවත් එහි දැක්විණි.
ඉදිරියටත් මහ රැජිනට “සම්පූර්ණ සහයෝගය” දෙන බවත් රජ පවුලේ ජ්‍යෙෂ්ඨයන් සමඟ “සහයෝගයෙන්” කටයුතු කරන බවත් හැරී සහ මේගන් යුවල පැවැසූහ.
රැජිනට අයත් ‘වින්ඞ්සර් කාසල්’ රාජකීය නිවහන තමන්ගේ ලෙස තවදුරටත් තබාගැනීමට බලාපොරොත්තු වන බවත් එසේ මූල්‍ය වශයෙන් ස්වාධීන වීමට අපේක්ෂා කරන බවත් ඔවුහු තවදුරටත් කීහ.
රජ පවුලෙන් ඉවත් වීමත් සමඟ හැරී මේගන් යුවලට සියලු රාජකීය වරප්‍රසාද අහිමි වන අතර ජීවත් වීමට සිදුවන්නේ ඔවුන් උපයා ගන්නා මුලදිනි.
ඒ.එෆ්.පී.
055

COMMENTS
" සඳලුතලෙන් බිමට බසින කුමාරයා " සදලුතලේ පහල සිටින අපිට ඔබ වැඩි නැහැ. ඔබ අපේම එකෙක් වගේ අපිත් එක්කම ඉන්න. කොහොමත් ඔබ අනෙකුත් රාජකීයයන්ට වඩා " වෙනස් " බවක් කුඩා කල සිටම පෙන්නුවා. අප්‍රිකාවේ දුප්පත් ළමයි සමග සෙල්ලම් කරපු කාලේ... ඒ වගේමයි ඇෆ්ගනිස්ථානයේ ගිහිල්ලා හමුදා භටයින් සමග ගතකරපු කාලේ... ලන්ඩනයට ගංවතුර දමාපු දවස්වල ඔබ ඔබේ සහෝදරයත් සමග පොදු ජනයාත් සමග උරෙන් උර ගැටී වැඩකළ අන්දම... ඔය වගේ ඕන තරම් සිහිවටන තියෙනවා කියන්න. දවසක ඔබ" අපේ "එකෙක් වෙයි කියලා. මට කියන්න තියෙන්නේ මෙපමණයි "wellcome to our world " එත් මේ අපේ ලෝකයේ ඔබේ රාජකීය ලෝකයේ තරම් සැප සම්පත් නැහැ. අපි දුප්පත් ඒ..!!! ඒ වුනාට එදා ඔබට රාජකීය ජිවිතයේ නොතිබුන එක දෙයක් මේ අපේ ලෝකයේ තියෙනවා... ඒ තමා සතුට ,සැනසුම. ඊටත් වඩා ලොකුම දේ ..." නිදහස "...!!!
මිල මුදල් වරප්‍රසාද වලට වඩා ආත්මීය නිදහස ගොඩක් වටිනවා. මැරෙනකොට ඔය මොකුත් අරන් යන්නේ නැහැනේ. බුධිමත් තීරණයක්. හණමිටි අදහස් තියෙන මිනිස්සුන්ට හැරී කුමාරයාගේ තීරණයෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්
රැජිනගේ පවුලේ හුටපටය නිසා මිනිස්සුන්ට මේ මස 31 වෙනිදා බ්රෙක්සිට් වෙනවා කියන එකත් අමතක වෙලා..
මොනා උනත් ඔහු අමුතුම විප්ලවවාදියෙක්. අම්මාට කවුරු කවුරුත් සලකපු විදිය හොඳින් අවභෝද කරගෙන ඉන්න කෙනෙක්. ළමයකුට අම්මා හා තාත්තා යන දෙදෙනාගේම රැකවරණය අවශ්‍ය බව හොඳින් දන්නවා.
අනුන්ගේ මුදලෙන් යැපෙමින් රාජකීය ජීවිත ගත කරනවාට වඩා තමන් උපයන මුදලින් යැපෙමින් දිවි ගෙවීම කෙතරම්නම් අභිමානවත්ද.
ඒකටත් මුල්වුණේ පවුලට එකතු වෙච්ච ලේලි
පවුලට හොද ලේලියක් ලැබුනම, ඔය හණමිටි ගතානුගතික ජනතාවගෙන් යැපෙන රාජකීය උණ සහිත අදහස් නැති සාමාන්‍ය පොලවේ පයගහලා ඉන්න ලේලියක් ලැබුනම මෙහෙම වෙනවා, හැරී මහතාණනි ඔබට ජය.
බොහෝ පවුල්වල පවුල විනාශ කරන කෙනෙක් ඉන්නවා. රජ පවුලක කෙනෙක් සමග විවාහ වුණානම් ඔහොම වෙන්නේ නැත.
ඒ නිසයි විවාහයකදී කුල ගෝත්‍ර, උස්, මිටිකම් බලන්න කියන්නේ. එකම වර්ගයේ කුරුල්ලන්ට විතරයි. එකට අත්තක වහලා ඉන්න පුළුවන්... රැජිනට හිතනවා ඇති මෙහෙම දරුවන් මොකට හැදුවද කියලා.
ෆොටෝ එකෙන් පෙනෙනවා නේද රජ පවුලක ගාම්භීරත්වය අර ලේලි නිසා නැතිවුණු බව...
මේ අයගෙත් පොඩි ආතල් තියෙනවා. වසරකට රාජකීය අරමුදලින් ලැබෙන පවුම් මිලියන දෙකක ලබගන්නවද නැත්ද යන්න තවමත් සනාථ කර නොමැත කියලත් තුබුනා ඔය කතාවෙම.............අයියෝ සල්ලි.................