(නිමන්ති රණසිංහ)
වැඩ තහනමට ලක්වූ හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය විශ්‍රාම යාමේ දිනයට පෙර යළිත් සේවයේ පිහිටුවන ලෙස පරිපාලන අභියාචනා විනිශ්චය සභාවෙන් දෙන ලද නියෝගය පිළිබඳව පියවර ගන්නා ලෙස ශ්රී ලංකා නීතිඥ සංගමය නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් නීතිපති සංජය රාජරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කරනු ලැබ තිබේ.
හිටපු සොලිසිටර් ජෙනරාල්වරිය නිර්දෝෂී බවට පරිපාලන අභියාචනා විනිශ්ච සභාව විසින් නිගමනය කරනු ලැබ ඇති අතර ව්‍යවස්ථාපිත විනිශ්චය සභාවක් ලෙස එහි තීරණයට ගරු කිරීම ව්‍යවස්ථාමය වගකීමක් බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය එම ලිපියෙන් පෙන්වා දී ඇත.
ඇවන්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා සමඟ කළ සාකච්ඡාවක හඬපටයක් මාධ්‍ය ඔස්සේ හෙළිදරව් වීමෙන් දිල්රුක්ෂි ඩයස් මහත්මිය ගේ වැඩ තහනම් විය.
මෙම ආන්දෝලනාත්මක දුරකථන සාකච්ඡා හඬ පටය අවස්ථා ගණනාවකදී සංස්කරණය කර විකෘති කළ එකක් බවට මොරටුව විශ්ව විද්‍යාලයේ පරීක්ෂකයන් ගෙන් සමන්විත විමර්ශකයන් කණ්ඩායමකගේ වාර්තා වලින් තහවුරු වී තිබූ අතර රජයේ රස පරීක්ෂකවරයා ද වාර්තාවක් මගින් ඒ බව තහවුරු කර තිබිණි.
මෙම කරුණු හේතුවෙන් පරිපාලන අභියාචන විනිශ්චය සභාව වික්‍රමසිංහ මහත්මියගේ විශ්‍රාම දිනය වන ජූලි මස තිස් වැනිදාට පෙර ඇය යළිත් සේවයේ පිහිටුවන ලෙස ලෙස ට රාජ්‍ය සේවා කොමිසම දන්වා තිබුණේ ඉකුත් ජූලි මස විසි දෙවැනි දාය. අදාළ නිර්දේශ රාජ්‍ය සේවා කොමිසම මගින් මෙතෙක් නීතිපතිවරයාට ලබා නොදීම හේතුවෙන් දිල්රුක්ෂි ඩයස් මහත්මියට යළි සේවයට වාර්තා කිරීමට නීතිපතිවරයා අවසර ලබා දී නැතැයි වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙරට රූපවාහිනී නාලිකා වලින් නඩු අසපු හා තීන්දු ලැබුණු යුගය අවසන්...
නිස්සංක සේනාධිපති කියන්නෙ මොනවගේ පුද්ගලයෙක්ද වග යන්න ,එලිවීම රටේ භාග්‍යක්. මේ හොරු පෙනී ඉන්නෙ රටේ ගැලවුම් කාරයො වගේ.මෙයාගෙ තරම පෙන්නල දුන්නෙ අනුර කුමාරයි,ෆොන්සෙකා මහත්තයයි.ලොක්කගෙ හයියෙන් රජවරුන් වගේ ඉන්න පට්ට දුෂිතයො.අර නීතියට වැඩකරපු මනුස්සය බොරු ගොතල ,චරිතෙ ගාතනය කරල වද දුන්න.බිලියනයක වන්දි නෙමෙයි ඔය හොර තක්කඩියගෙන් බිලියන 10 ඉල්ලන්න තිබුනෙ.මේක ගැන අනුර කුමාරල කිව්වෙ සමුපුර්ණ ඇත්ත.මිනිහ අනුර කුමාරයි ඔහුගෙ පක්ෂයයි දෙකම විනාශකරනව කිව්න නේ ඒකට කොල්ලට දැන් වෙලාව තියෙයිද දන්නෙ නැ.සභාව ධර්මය ඔබට දඩුවම් කරනු ඇත.
නිදහස් කොට නිදහස් කරයි.
නීතිපති නැවත පත්කළ යුතුයි.
ඉදිරියට තව බොහෝ දේ හෙලිවේවි. රජ පවුලත් මේකට ගෑවිලාද?