
මහජනයා මාළු මිලදීගැනීම සහ පරිභෝජනයට බියවීම වළකමින් ඒ කෙරෙහි උනන්දුව ඇති කිරීම සඳහා ධීවර හා ජලජ සම්පත් හිටපු රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අමු මාළු අනුභව කළේය.
විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, ධීවර ප්‍රජාව වෙනුවෙන් මේ වනවිට කළ යුතු හොඳම දෙය නම්, මාළු පරිභෝජනට බිය නොවීම බවය.
කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ධීවර ප්‍රජාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව කී ඒ මහතා, ඔවුන්ට සහයෝගය පළ හැකි එකම ක්‍රමය වන්නේ, මාළු මිලදීගැනීම බවද කීය.
එලෙසින් කටයුතු කරන ලෙස ජනතාව දැනුවත් කිරීම, රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීම බවද අමාත්‍යවරයා පැවසීය.
මාධ්‍ය හමුව අතරතුරදී, තමන් ගෙනා අමු මාළු අනුභව කරමින් ඒ මහතා මේ බව පැවසීය.
COMMENTS
පිස්සු හැදීගෙන එනවා වගේ සර්... !!!
ඡන්ද දායකයෝ හරක් වුණාම ඉතින් පාර්ලිමෙන්තු යවන්නෙත් හරක්නේ...
මෙ මාලුකාරයාට තව මොනවද කරන්න පුලුවන්?
මේ අපේ රටේ විපක්ෂය නියෝජනය කරන ගරු මංත්‍රීවරයෙක්. සන්තෝශයි.. කට්ටියක් සෙල්ෆි ගහනවා. මෙයා අමුවෙන් මාලු කනවා. අපිත් ඒ දෙකම කරන්න ඕන ද?
තණකොළ ටිකකුත් එක්කර ගත්තානම් තවත් හොදයි.
ජපන් කාරයෙක් වගේ මාලු අමුවෙන් කන්නේ...
එ්ක නම් මොලේ තියන කෙනෙක් කරන වැඩක් නෙමෙයි. මාර අාදර්ශය. අඩුගානේ තම්බලාවත් කනවා පෙන්නුවා නම්...
පේනවා නේද පාර්ලිමේන්තුවට යන අයගේ මොලේ තරම? ඉතින් රට ගැන කුමන කතාද?
අපේ අල්ලපු රටේ මන්ත්‍රීවරුන් වගේ අපිත් දැන් වැඩ පටන් අරන් වගේ...
පරිණාමයේ මූලික ගති ලක්ෂණ පෙන්වූ දුර්ලභ අවස්ථාවක්...
යකෙක්ද? නූල් බඳින්න වෙයි.
ඕකට කියන්නේ සුෂී කියලා. හරිම ප්‍රසිද්ධ කෑමක්. ලංකාවේ අය කෑවේ නැති වුණාට..
මෙයා මේ අමතන්නේ තමන්ගේ වරිගෙ ඡන්ද දායකයින්. කාංචන ඇවිල්ලා මේක කරන්න කලින් මිනිහ කළා කියන්නේ.., වැඩේ ගොන් වගේ පෙණුනට හොඳ මූව් එකක්.
මෙයාලාට ඕක අළුත් දෙයක් නොවේ. පසුගිය කාලයේදී අපේ මාළු අමුවෙන්ම තමා කෑවේ.
අනේ මන්දා කොයිපැත්තේ හිටියත් ඇයි අමුවෙන් කෑවේ? ගැලපෙන්නේ නැහැනේ...
ගවයෙක් අමු මාළු කාලා සීනි නැතිව තේ බොයි. මේ වගේ විශ්ව කර්ම වැඩ ලෝකයේ වෙන රටවලත් ඇති නේද?