(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හඬන දරුවා නළවා නොගත්තේ යැයි උරණ වූ ගෙහිමි කාන්තාවක් 11හැවිරිදි පාසල් දැරියකට හිරමණයකින් පහර දී තුවාල සිදු කර ඇතැයි කිරුලපන පොලිසිය පවසයි.
කිරුළපන කාලිංග මාවතේ පදිංචි මෙම කාන්තාව දැරියගේ මාපියන් නොමැති අවස්ථාවකදී ඇයට හිරමණයෙන් ද කොස්සකින් ද පහර දී අසභ්‍ය වචනයෙන් බැණ වැදී ඇතැයි පොලිසිය කියයි.
පහර කෑමට ලක්වූ දැරියගේ වම් අතට කැපුම් තුවාල සිදුව ඇති අතර ඇයව කළුබෝවිල රෝහලට ඇතුළත් කර ශල්‍ය කර්මයක් ද කර ඇත.
පහර දුන් ගෙහිමි කාන්තාව සිද්ධියෙන් පසු පලාගොස් ඥාති නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බවත් ඇය මත්පෙති අළෙවි කරන්නියක බවත් අනාවරණය වී ඇත.
අලුත්කඩේ අංක 3 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි. මේ පිළිබඳව කිරුළපන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
133
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දරුවා නළවා නොගත්තැයි 11 හැවිරිදි දැරියකට හිරමණයෙන් ගහලා