(ඉන්දිකා රාමනායක)
දරුවන් සම්බන්ධයෙන් අශිෂ්ට අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පට සහ ඡායාරූප 100 එක් දිනක් තුළ අන්තර්ජාලයට මුදාහරින ලදැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ළමා හා කාන්තා කාර්යාංශය එක්ව මුල් විශේෂ දත්ත පද්ධතියක් හරහා අන්තර්ජාලයට පිවිස මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර එහිදී මෙම සැකකරු සම්බන්ධයෙන් සියලු තොරතුරු හෙළි කරගෙන ඇත.
ඉකුත් ජුනි මස 17වැනි දින සිට 28 දිනයේ දක්වා සිදුකළ එවැනි විමර්ශනවලදී ළමුන් සම්බන්ධයෙන් අසභ්‍ය දර්ශන,ඡායාරූප අන්තර්ජාලයට එක් කළ සිද්ධීන් 17629 අනාවරණය කරගෙන ඇති බව ද හෙතෙම කියා සිටියේය.
මෙම සැකකරුවන් දැනට හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම මෙහෙයුම් හරහා සිදුකරන බවද බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 21
38
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
148
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1001
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
දරුවන් සම්බන්ධ ජරා පින්තූර අන්තර් ජාලයට දැමූ අයෙක් හඳුනා ගනී
Raveendra Saturday, 31 July 2021 08:16 AM
අප සියලුම වගකිවයුතු ආයතනවලින් මෙන්ම අදාළ නිලදරුවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙවන්නන්ගේ සියලු වත ගොත ලිපිනයන්ද, පැහැදිලි ඡායාරූපද ඇතුළත්ව සියලුම මාධ්‍යයන් මගින් සියලු පුරවැසියන්ට දැකබලා ගැනුමට, හඳුනාගැනුමට ඉඩ සලස්වා දෙන මෙන්ය. එය ඔබලා සමාජයට, රටට කරන මහඟු සේවයකි, යුතුකමකි. එසේ කිරීමෙන් මෙම වුවදුරෙන් අප සමාජය බේරාගත හැකි බව අප තරයේ විශ්වාස කරන්නෙමු.
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 31 July 2021 08:31 AM
තවතව වැටලීම් කොට, ෆේස් බුක් හා යූ ට්යුබ් එක රටට වැඩදායි දේ බවට පත්කරන්න. මේවායේ අසංවර සමහර දෙනා අසික්කිත වචනයෙන් බනින අවස්ථා බොහෝමයි. මේ කතා වලින් ඇතිවෙන මානසික පීඩා හා අප්‍රසන්න බවින් මේ සමාජ මාධ්‍යයන් බේරාගන්න...
කිරිපුතා Saturday, 31 July 2021 10:21 AM
ළමයින්ගේ විතරක් නෙවෙයි ඕනෑම නරක පින්තූරයක් දාන කෙනෙක් අල්ලා දඬුවම් පැමිණිය යුතුයි. එය සමාජ විනාශයට ප්‍රධාන මගක්. රටට අපකීර්තියක්... ටික් ටොක් කියන විකාරයත් නවතා දැමිය යුතුයි.. මිනිසුන්ගෙ ඔළු හිස් කරන වැඩකට නැති දේවල්මනේ ඒකෙ තියෙන්නේ...
sunanada Saturday, 31 July 2021 03:23 PM
මෙවැනි අමනයින්ට දිය හැකි හොඳම දඬුවම නම්, ඔවුන්ගේ නම්, ගම් ප්‍රසිද්ධ මාධ්‍යයේ පල කිරීමයි...