IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දරුවන් ලක්ෂ 7 කට ඔන්ලයින් නෑ

(සුජිත් හේවාජුලිගේ)

මෙරට පාසල් තුන් දහසක දරුවන් ලක්ෂ 7 කට අධික සංඛ්‍යාවකට ඔන්ලයින් පහසුකම් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

ඔන්ලයින් පහසුකම් නොමැති දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා රජය දැනටමත් සැලසුම් සකස් කර ඇති බවත් එවැනි දුෂ්කරතා සහිත සිසුන් වෙනුවෙන් මහින්ද්‍යෝදය විද්‍යාගාර මාර්ගයෙන් අධ්‍යාපනය ලබාදීමට අපේක්ෂා කරන බවත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේය.

සංචරණ සීමා ලිහිල් කෙරුණු අවස්ථාවන්හිදී දරුවන් සෞඛ්‍යාරක්ෂිතව එම මධ්‍යස්ථානවලට කැඳවා උදේ 7.30සිට පස්වරු 3.30 දක්වා විෂයමාලා ඉගැන්වීමේ හැකියාව පවතින බව අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේය.

මේ අතර පාසල් දරුවෝ දහස් සංඛ්‍යාත පිරිසක් ඔන්ලයින් පහසුකම් සඳහා ප්‍රමාණවත් සංඥා නොමැතිකම නිසාද පීඩාවට පත්ව සිටිති .මේ නිසා එම දරුවන්ට සංඥා ලබා ගැනීම සඳහා විවිධ අනතුරුදායක ස්ථාන පසු කරමින් උස් කඳු මුදුන්වලට යෑමටත් ගස්වලට නැගීමටත් අද දවසේ සිදුවී ඇත.

 



අදහස් (0)

දරුවන් ලක්ෂ 7 කට ඔන්ලයින් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site