IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණෙන් කරුණු 11 ක යෝජනාවලියක්

(සිතුම් චතුරංග)

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින් වෙනුවෙන් තම සහය දැක්වීම සඳහා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ විසින් කරුණු 11 කින් යුත් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට නියමිතව බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා පවසයි.

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභා රැස්වීම වවුනියාවේදී පෙරේදා (28) පැවැති අතර එම අවස්ථාවේදී මෙම යෝජනා ඉදිරිපත් කොට මධ්‍යම කාරක සභාවේද අනුමැතිය යටතේ යෝජනාවලිය ඉදිරිපත් කරන බව ආනන්ද සංගරී මහතා සඳහන් කළේය.

තම පක්ෂ‍යේ මධ්‍යම කාරක සභාවේ යෝජනා ද ඇතුළත් කරමින් ප්‍රධාන යෝජනා 11 කින් යුක්ත යෝජනාවලියක් සකස් කොට ජනාධිපතිවරණයේ ඉදිරිපත් වන අපේක්ෂකයින් වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් එයට එකඟවන ජනාධිපති අපේක්ෂකයාට තම උපරිම සහය ලබාදෙන බවද පැවසීය.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටළු විසදීම, උතුරු නැගෙනහිර ආරක්ෂක අංශ සතු ඉඩම් නිදහස් කිරීම, ‍යුද්ධයෙන් පීඩාවට ලක්වූවන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම , අතුරුදහන්වූවන්ගේ ගැටළු විසදීම හා උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් වන යෝජනා කිහිපයක්ද ඇතුළත් කරමින් මෙම  යෝජනාවලිය සකස් කිරීමට නියමිත බව පැවසේ.

අදාළ යෝජනාවලිය මෙම සතිය තුළදි ප්‍රධාන දේශපාලන පක්ෂ අපේක්ෂකයින් වෙනුවෙන් ඉදිරිපත් කොට ඔවුන්ගේ කැමැත්ත පිළිබඳ අවධානය යොමුකරන බවත් සංගරී මහතා වැඩිදුරටත් පැවසීය.

අදාල යොජනාවලිය සකස් කිරීම හා මධ්‍යම කාරක සභා සාකච්ජාව වෙනුවෙන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ වවුනියාව සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනාදන් කිෂෝර් මහතා ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් එක්ව තිබේ.

 

 



අදහස් (5)

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණෙන් කරුණු 11 ක යෝජනාවලියක්

Kumar Tuesday, 29 October 2019 04:09 PM

පින් අයිති වෙනවා ඔය කොන්දේසිවලට එකඟ නොවෙනවානම්. සුළු වාසියකට රට පාවාදෙන්න එපා.

:       6       166

Nissanka Tuesday, 29 October 2019 07:11 PM

මේ යෝජනා සාධාරණයි. TNA වගේ මස් රාත්තලම ඉල්ලන්නේ නැහැ. කොහොමත් ආනන්ද සංගරී මහතා වැදගත් දේශපාලනඥයෙක්.

:       1       0

Raveendra Tuesday, 29 October 2019 08:20 PM

කුමාර් මයා, ඔබගේ අදහස් සමග අපට කිසිසේත්ම එකගවිය නොහැකි බව දැන්වීමට අපි කැමැත්තෙමු.

:       1       0

mahinda Wednesday, 30 October 2019 01:11 AM

ගෝඨාභය කිව්වනේ ඉඩම් ඔක්කොම නිදහස් කළා කියලා ඒ දවස්වලම... ඊට පස්සේ මෛත්‍රී කිව්වා එයත් ඉඩම් නිදහස් කළා කියලා දැන් තවත් ඉඩම් තියෙනවද? නැත්නම් ඔක්කොම කෙලින්නේ විකාරද?

:       0       1

වීරවිජේ Wednesday, 30 October 2019 02:41 AM

මොනවද තුවා ලොරියක්, වඩේ ලොරියක්, වගේ ඒවාද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site