IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


දැරිය විකිණූ තැරැව්කරුගේ දුරකතන වාර්තා අධිකරණයට

(නිමන්ති රණසිංහ)

අන්තර්ජාලයෙන් අළෙවි වූ බාලවයස්කාර දැරිය භාවිත කළ ජංගම දුරකතනයේ සහ දැරිය තැරැව් කළැයි කියන ප‍්‍රධාන සැකකාර ‘රජීව් ජයනාත්’ නමැත්තාගේ ජංගම දුරකතනයේ වසරක කාලයකට අදාළ ‘‘කුළුණු වාර්තා’’ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ලෝචනී අබේවික‍්‍රම මහත්මිය වෙත අද බාර දෙනු ලැබීය.

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් දුරකතන සමාගම් කිහිපයකින් ලබා ගත් මෙම විශ්ලේෂණ වාර්තා ගොනු දෙකක් වශයෙන් අද අධිකරණයට භාරදෙනු ලැබුවේය.

ඉකුත් ජුනි මස 01 වැනිදා සිට 2021 ජුනි මස 19 වැනිදා අතර කාලය තුළදී වින්දිත දැරියගේ සහ රජීව් ජයනාත් යන අයගේ ජංගම දුරකතනවලට පැමිණී සහ එයින් පිටවූ සියලූ දුරකතන ඇමතුම්වලට අදාළව මෙම විශ්ලේෂණ වාර්තා ඉදිරිපත් වී තිබිණී.

ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි රණසිංහ මහත්මිය, එහි ස්ථානාධිපති මනෝජ් රූපසිංහ මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම වාර්තා ලබාදීම සදහා අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මෙම සිද්ධියට අදාළ වින්දිත බාලවයස්කාර දැරියගේ ජංගම දුරකතනයෙන් ලබා ගත් දත්ත මත මේ වන විට ළමා හා කාත්නා කාර්යාංශය සැකකරුවන් 41 දෙනකු පමණ අත්අඩගංගුවට ගෙන ඇත.

 



අදහස් (1)

දැරිය විකිණූ තැරැව්කරුගේ දුරකතන වාර්තා අධිකරණයට

Ruhunu Thursday, 15 July 2021 12:19 AM

ගල් ගසා මැරිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 116 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 962 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2570 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site