IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දැරියන් දෙදෙනෙකුට ලිංගික අතවර කළ ඉංග්‍රීසි ගුරුවරයා රිමාන්ඩ්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඉංග්‍රීසි ඉගෙන ගැනීමට පානදුර ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයාගේ නිවසට ගිය දැරියන් දෙදෙනෙකුට එම ගුරුවරයා ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගත් හෙයින් මේ මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා අද (18) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ පානදුර කුරුස හන්දිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පිරිවෙන් ගුරුවරයෙකි.

එදිනට චෝදනා පත්‍ර ගොනු කරන ලෙසද දැරියන් දෙදෙනා වෛද්‍යවරයෙකු හමුවට යොමු කර එදිනම වාර්තාව ඉදිරිපත් කරන ලෙසද වැඩිදුරටත් නියෝග කළේය.

පැය දෙකක කාලයක් ඉංග්‍රීසි ඉගෙන ගැනීම සඳහා සැකකාර ගුරුවරයාගේ නිවසට දැරියන් ඉකුත් 16 වැනිදා ගොස් තිබූ අතර එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ ගුරුවරයා පමණක් බවද එම දැරියන්ගෙන් ප්‍රකාශ වලින් හෙළි වූ බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.



අදහස් (6)

දැරියන් දෙදෙනෙකුට ලිංගික අතවර කළ ඉංග්‍රීසි ගුරුවරයා රිමාන්ඩ්

MISHAL-MATARA Wednesday, 18 September 2019 01:15 PM

ඔහු මුස්ලිම් කෙනෙක් නම්, ඔහුගේ නම ඔහුගේ ගම, වාසගම ඔක්කොම විස්තර එක්ක දාන්න.

:       431       270

MISHAL-MATARAWednesday, 18 September 2019 02:07 PM

ඔහු අනිවාර්යයෙන්ම මුස්ලිම් නොවන කෙනෙක් වෙන්න ඇති...

:       446       420

Raveendra Wednesday, 18 September 2019 05:32 PM

කාරුණිකව හිතන්න මෙතන මුස්ලිම්ද, දෙමළද, සිංහලද අදාළ නැත. "මෙය කරපු කෙනා කවුරු වුණත්" මුන්ගේ සියලුම විස්තර නම් ගම් ඇතිව සහ ඡායාරූපද පළකිරීම මගින් මෙවැනි වැරදි යම්කිසි මට්ටමකට අඩුකර ගතහැකි බව අපගේ හැඟීමයි.

:       0       338

ජේ මහින්ද Thursday, 19 September 2019 01:44 AM

පළමුව දරුවන් පුද්ගලික පංතිවලට යන්නේ ඇයි කියා සොයන්න. හේතුව සොයා ප්‍රතිකාර කළොත් රෝගය සුවකිරීම පහසුයි. මම හිතන්නේ රෝග මූලය වන්නේ පාසැල්වල හරියාකාරව විෂයයන් ඉගැන්වීමක් නොකිරීමයි. උදාහරණයක් දෙනවා නම් උසස් පෙළ විභාගයටත් දරුවන් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයකට ලියන්න ඕනෑ. මගේ දරුවා පාසැල්ගිය කාලයේ උසස් පෙළ වසර දෙකේ එකම දිනකවත් ඉංග්‍රීසි ගුරු භවතා දරුවාගේ පන්තියට පැමිණ නැහැ. සාමාන්‍ය පෙළත් එයට දෙවැනි නැහැ. දරුවන්ගේ අනාගතය ගැන කියන ගුරු සංගම් කොතෙක් ඇතත් ඔවුන් මේ ගැන කිසිම වගක් නැහැ. කවුරු හෝ වරද පෙන්වා දුන්නොත් සංගම් විරෝධතා කරනවා. ගුරු උපදේශකලා, අධ්‍යක්ෂකලා කොතෙක් සිටියත් මේවාට ප්‍රතිකර්ම නොයොදා මෙවැනි දේ වැළැක්විය නොහැකියි.

:       1       34

sharm warn Thursday, 19 September 2019 03:49 AM

ඔහු මුස්ලිම් නම් මොකද්ද කියන්න හදන්නේ? ඔහුට ෂරියා නීතියෙන් දඬුවම් කරනවා කියලද? කවර ජාතියක කෙනෙක් වුණත් වැරැද්ද ගැන විතරයි මෙතන කියැවෙන්නේ. ජාතිවාදී වෙන්න එපා. කළ වැරැද්ද ගැන කතා කරන්න. අතවරයට ලක්වූ දැරිවියන් දෙදෙනාගේ මනස හදන්න කතා කරන්න. ඔවුන්ට සාධාරණයක් ඉටු වනු පිණිස හඬක් නගන්න.

:       301       326

kumara Thursday, 19 September 2019 05:11 AM

කවුරු වුණත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site