(ක.ග. කරුණාරත්න)
අරලගංවිල පොලිස වසමේ පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවියක අපහරණය කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් අරලගංවිල පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු සැප්තැම්බර් මස 04 වැනිදා දක්වා රිමාන්ඞ් බන්‍ධනාගාර ගතකරන ලෙස පොලොන්නරුව වැඩබලන මහේස්ත්‍රාත් ඒ.ඒ අබේවර්ධන මහතා අද(30) නියෝග කළේය.
මෙසේ රිමාන්ට බන්‍ධනාගාර ගතකරන ලද්දේ දෙහිඅත්තකණ්ඩිය,දමනේවෙල,තල්පිටිගම,අංක160 ඒ ලිපිනයේ පදිංචි මාන්න උතුම් මුදියන්සේලාගේ පසිඳු දිල්ෂාන් නැමැති අයෙකි.
එම බාල වයස්කාර පාසැල් ශිෂ්‍යාව වෛද්‍ය පරීක්‍ෂණයකට යොමුකර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාවක් ලබා ගැනීම සඳහා රෝහල් ගතකරන ලෙස අධිකරණයෙන් නියෝග කෙරිණි.
දැරියගේ මාපියන් විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන බව පොලීසිය කරුණු දක්වමින් කියා සිටියේය.
අරලගංවිල පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 21
35
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
147
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
998
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
දැරියක් අපයෝජනය කළැයි අයෙක් රිමාන්ඩ්