(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගල්කිස්ස මුහුදු තීරයේදී දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටි එකම පවුලේ දරුවන් තිදෙනෙකුගේ දිවි බේරාගැනීමට ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත නිලධාරීහු සමත්වූහ.
මෙසේ දිවි බේරාගෙන ඇත්තේ මාවතගම දකුණුගහලන්ද - උඩඉඟුරුගහවත්ත පදිංචි මනෝජ් ඉෂාර(16), අකිත් කේතක(13) සහ ඉමාෂ ප්‍රගීත් (09) යන දරුවන් තිදෙනායි.
පාසල් නිවාඩුකාලය ගතකිරීමට දෙමව්පියන් සමඟ පැමිණ ගල්කිස්ස මුහුදේ දියනාමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.
දරුවන් තිදෙනා අවධානම් කලාපය වෙත ඇදී යනු දුටු ජීවිතාරක්ෂක නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ඔවුන් බේරාගෙන පැමිණි බව පොලිසිය පවසයි.

COMMENTS
ඔබට ගොඩක් පින්
ඔබලාට අපේ උපහාරය . ඒ වගේම බොහොම ලොකු පිනක් ජාති ජාතිත් ඔබලාට අනතුරක් නොමැතිව , නිදුක් නිරෝගිව ඉන්න වාසනාව ලැබේවා!!!!
ඔබලාට පින් ජීවිත තුනක් බේරලා දුන්නාට ........
නිර්භීත මිනිසෙක්...
පින් සිද්ද වෙනවා මහත්වරුනේ!!!.. තවත් දෙමව්පියන්ගේ ගින්දරක් නිව්වට ඔබ තුමන්ලාට පින්.....
බොහොම පින් ඔබට !!
ගොඩක් පින් !
ඔබලාට මහත් පින් වගේම දෙමව්පියනුත් ළමයින් පිලිබදව මිට වඩා අවදානයකින් සිටීම ඉතාම වැදගත්.
ජීවිත දෙකක් බේරාගැනීම පින කොපමණද කිය නොහැකිය ,දේව ආත්මයකින් පසු නිවන ඒකාන්තයි
දියේ ගිලීමෙන් අවුරුද්දකට විශාල ප්‍රමාණයක් මියයන්නේ පිහිනන්න නොහැකි නිසයි. බටහිර රටවල වගේ සෑම නගරයකම තටාක ඉදි කර සෑම කෙනෙක්ම පිහිනීම හුරු කර ගන්නවා. ලොකු මුදලක් යන්නේ නෑ. අපි උදව් කරන්න බලපොරෝතුවෙන් සිටුමු.!
හොඳ වැඩක්.