(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල දඹුලු හල්මිල්ලෑව තෙලදින්නන් වැව ප්‍රදේශයේ ඇල මාර්ගයක දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු අද (08) සවස 6.30 ට පමණ දියේ ගිලි මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ගල්කිරියාගම උල්පතගම පදිංචි 29 හැවිරිදි සහ 27 හැවිරිදි තරුණයන් දෙදෙනෙක් බව පොලිසිය කීය.
මෙම ඇලේ දිය නෑම සඳහා තරුණයන් තිදෙනෙක් ගොස් ඇති බවත් ඉන් එක් තරුණයෙකුගේ උපන් දිනයක් සැමරීම සඳහා ගිය අවස්ථාවේ මෙම සිදුවීම සිදුවී ඇති බවත් පොලිසිය කියයි.
එක් තරුණයෙකු දඹුල්ල රෝහලට ඇතුළත් කළත් ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවත් මියගිය අනෙක් තරුණයාගේ සිරුර සිද්ධිය වූ ස්ථානයේ තිබෙන බවත් පොලිසිය පැවැසීය.
සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවා හොඳ පදමට ගහලා ඉන්න ඇති. ඇමෙරිකාවේ ඉන්න අපි පීනලා ගොඩට ඇවිල්ලා තමයි බොන්නේ. ලංකාවේ අය බීලා තමයි වතුරට පනින්නේ.
අනේ පව්. නිවන් සුව!