අමාත්‍ය දයා ගමගේ මහතාට එරෙහිව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ සභාපති සහ ලේකම්වරයා විසින් අද(17) අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් භාරදෙන ලදී.
එම සංගමයේ සභාපති කිත්සිරි ගමගේ සහ ලේකම් එස්. ඒ. ඩී. ජගත් කුමාර යන මහත්වරු මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.
මැතිවරණය ඉලක්ක කර ගනිමින් මැතිවරණ ප්‍රවර්ධන කටයුතු ලෙස අල්ලස් ලෙස සහනාධාර ලබාදීම, සමෘද්ධි ව්‍යාපාරය අරමුදල් අවභාවිතා කරමින් ප්‍රචාරණ කටයුතු සහ රැකියා ලබාදීම යන කරුණු මුල කරගනිමින් ඔවුහු පැමිණිල්ල ඉදිරිපත් කළහ.
(ඡායාරූප : වීඩියෝ - ශාන්ත රත්නායක)



2025 දෙසැම්බර් මස 18
688
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දයා ගමගේට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
Bamunuarachchi Tuesday, 17 September 2019 12:05 PM
ඇයි සජිත්ගේ ගෙවල් දීම?
rim Tuesday, 17 September 2019 12:11 PM
තවම දිනය කියලා නැහැනේ... ඉතින් මොනවට කලබල වෙනවද? ගහනවැයි කියලා මෙහෙමත්?
ajith Tuesday, 17 September 2019 04:36 PM
අහිංසක සමෘද්ධිලාභීන්ගේ මුදල් වංචා කරන සමෘධි නිලධාරීන් ගැනත් සොයන්න. සමෘධි දීමනාව නියමිත මාසයට, දිනයට නොගෙවන සමෘධි බැංකු ගැනත්, තමන් ඉල්ලන මුදල වවුචරයේ සටහන් කිරීමට ඉඩ නොදෙන එම මුදල් ගන්න ඔවුන් විසින් සටහන් කර මුදල් ඔවුන්ගේ අභිමතය පරිදි ගෙවන සමෘධි බැංකු ගැනත් කෝප් කමිටුවෙන්ම සොයන්න...