








(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ජාතික නිදහස් උළෙලට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාවේ දිය ගොඩ තරණ කිරීමේ සමත්කම් ප්‍රදර්ශනය කිරීමේ විශේෂ මෙහෙයුමක් කොළඹ ගාලු මුවදොර වෙරළ තීරයේදී අද (04) සවස පැවැත්විණි.
නාවික හමුදා ගොඩබෑමේ නෞකා බලගණය විසින් මෙම ප්‍රදර්ශනාත්මක මෙහෙයුම ක්‍රියාත්මක කෙරූ අතර එය නැරඹීම සඳහා ජනතාවද ගාලුමුවදොර පිටිය අසල රැස්ව සිටි අයුරු දැකගත හැකි විය.
මෙම ප්‍රදර්ශනාත්මක දැක්ම ලබන 06 සහ 07 දෙදින ද පැවැත්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු යොදා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවගේ දුරස්ථභාවය බිංදුවයි. දවස් 03ක් මෙහෙම ගියොත් "කොරෝනා" එක්ක කරන යුද්ධය තව දැඩි කරන්න තමයි වෙන්නේ... "නැව ගිලුණත් බෑන්ඩ් චූන්" කියන්නේ මේවාට තමයි...
ඉන්දියාව මිසයිල හදලා පෙන්නනවා.. උතුරු කොරියාවත් එහෙමයි. ලෝකයේ අනෙක් බොහෝ රටවල් තමන්ගේ නිෂ්පාදන පෙන්වන්නේ අපි ණයට බඩු ගෙනත් උජාරුවෙන් ඒවා පෙන්වනවා නිදහස් දිනේට... ජනාධිපතිතුමා ජාතික කොඩිය ඔසවලා ජාතිය ඇමතුවා නම් හොඳටම ඇති කියලයි මට නම් හිතෙන්නේ.
ඉන්දියාවෙන් පරිප්පු ගෝනියක් උඩින් දැම්මා නම් ඔය සේරම දුවනවා.
ජනතාවගේ දුරස්ථ භාවය බිංදුවයි. දවස් තුනක් මෙහෙම ගියොත් "කොරෝනා" එක්ක කරන යුද්ධය තව දැඩි කරන්න තමයි වෙන්නේ. "නැව ගිලුණත් බෑන්ඩ් චූන්" කියන්නේ මේවාට තමයි.