
(ඩයනා උදයංගනී)
දියවන්නා ඔයේ ඉන්ධන තට්ටුවක් පාවෙන බවට තමාට තොරතුරු ලැබී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලා තමාට වාර්තාවක් ලබා දෙන්නැයි තමා මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාට උපදෙස් දී ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
දියවන්නා ඔයෙහි තෙල් තට්ටුවක් පවතින බවට මීට දින දෙකකට පමණ පෙර ඇමතිවරයාට දැනුම් දී ඇති පුද්ගලයා විසින් එම තෙල් තට්ටුව දැක්වෙන ඡායාරූප කිහිපයක් ද ලබා දී ඇත.
එම ඡායාරූප අනුව විශාල තෙල් තට්ටුවක් දියවන්නාව දෙසට පාවෙමින් පවතින බව ද පෙනී යන්නේ යැයි කී ඇමතිවරයා මෙයට හේතුව කිසියම් පුද්ගලයෙක්, ආයතනයක් හෝ කණ්ඩායමක් විසින් සිදු කළ ක්‍රියාවක් ද යන්න සොයා බලන්නැයි ද අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.



COMMENTS
මුලු පරිසරයම විනාස වෙලා