IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දියතලාව කඳවුරේ සිටි සිසුහු 33දෙනා පිටත්ව යති

(ප්‍රසන්න පත්මසිරි සහ සමන් පාලිත නානායක්කාර)

දියතලාව යුද හමුදා කඳවුරේ රඳවා සිටි වූහාන් සිට පැමිණි සිසුන් 33 දෙනා අද(14) උදෑසන කඳවුරෙන් කොළඹ යුද හමුදා මුලස්ථානය වෙත යාමට පිටත්වු බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චමින්ද වික්‍රමසිංහ මහතා පැවසීය.

චීනයේ වුහාන් සිට පසුගිය 01 දින දියතලාව යුද හමුදා කඳවුරට රැගෙන  ආ තරුණියන් 18 දෙනෙකු හා තරුණයන් 15 දෙනෙකු එම පිරිස අතර සිටිති.

ඔවුන් ගොඩනැගිලි 3ක වෙන් වෙන් වූ කාමර තුළ රඳවා දින 14ක් තිස්සේ වෛද්‍ය පරීක්ෂණවලට ලක් කළ බවද, ඔවුන්ට ඇඳුම් පැළඳුම්, ආහාර ඇතුළු අනෙකුත් සියලු පහසුකම් ලබා දී අන්තර්ජාල පහසුකම් ඔස්සේ දෙමාපියන්ට හා ඥාතීන්ට කතාබහ කිරීමට අවස්ථාව ලබාදී තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එම සිසු සිසුවියන් කිසිවකු කොරෝනා වෛරස් ආසාදනයට  ගොදුරු වී නැති බව වෛද්‍යවරු සඳහන් කළහ.

දියතලාව යුධ හමුදා කදවුරේ සිට යුධ හමුදා මුලස්ථානයට රැගෙන ගිය සිසු සිසුවියන් යුද හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මුණ ගැසීමෙන් පසු තම තමාගේ නිවෙස් වලට යාමට නියමිත බව චමින්ද වික්‍රමසිංහ මහතා පැවසීය.

( ඡායාරූපය - සමන් පාලිත නානායක්කාර)



අදහස් (2)

දියතලාව කඳවුරේ සිටි සිසුහු 33දෙනා පිටත්ව යති

Kahaduwa karunaratne Friday, 14 February 2020 05:46 AM

මෙම මෙහෙයුමට සම්බන්ධ වූ සියලු දෙනාට අපගේ ප්‍රණාමය !

:       0       0

Ajantha Friday, 14 February 2020 07:27 AM

ගොඩාක් සතුටුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 352 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1008 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site