(විජේරත්න රත්නායක )
නව හැවිරිදි දැරියක් මරා රහසේ වළදැමූ බව කියන කාන්තාවක් සහ ඇගේ අනියම් සැමියා බව කියන පුද්ගලයෙකු ද අද (06) අත්අඩංගුවට ගත් බව හාලි ඇල පොලීසය පවසයි.
මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ හාලිඇල පොලිස් බල ප්‍රදේශයට අයත් කන්දේගෙදර මහතැන්න ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ අනියම් සැමියා වන 31 හැවිරිදි පුද්ගලයෙකි.
වවුනියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචිකාරියක් වන මෙම කාන්තාවගේ සැමියා ඇය අත්හැර ඇති බවත් පසුව ඇය සහ ඇගේ දියණිය හාලිඇල කන්දේගෙදර පදිංචිකරුවෙකු වන මෙම අනියම් සැමියා සමඟ කන්දේගෙදර ප්‍රදේශයේ පදිංචියට පමිණ ඇති බවත් පැවසේ.
වයස අවුරුදු 09 ක් පමණ වන දියණිය ඉකුත් 2018 ජනවාරි මස දිනක ඝාතනය කොට වත්තේ වළ දමා ඇති බවට බදුල්ල පොලීසියට ලැබුණු තොරතුරක් මත හාලිඇල පොලීසිය මඟින් එම මව හා අනියම් සැමියා සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ.
හෙට (07) එම මළසිරුර ගොඩගැනීමට නියමිතව ඇති අතර බදුල්ල පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත මහතාගේ උපදෙස් මත හාලිඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත චන්ද්‍රෙස්කර මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.
2025 දෙසැම්බර් මස 04
84
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
356
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
371
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දියණිය මරා වළදැමී යැයි සැක පිට ඇගේ මව-තවත් අයෙක් අත්අඩංගුවට
Raveendra Sunday, 06 January 2019 02:57 PM
දුනු කෙයියා මලක් වගේ දුරට පෙනෙනවා... වැටකෙයියා මලක් වගේ සුවඳ දැනෙනවා... පසළොස්වක හඳ වාගේ එළිය පෙනෙනවා... මගේ අම්මා මට ජීවන සුවය සදනවා... මෙම සුන්දර හැඟීම්බර ගීතයේ එන ඒ ආදරණිය අම්මාද මේ ඉන්නේ?
Lal Sunday, 06 January 2019 02:59 PM
අම්මා යන වචනයට කරපු අගෞරවයක්... තමන්ගේ කුසින් වදපු දරු පැටියටද යකෝ මේ අපරාදය කරේ? යන්න අපායකුත් නැහැ...
samantha Monday, 07 January 2019 07:20 AM
හදාගන්න බැරි නම් පොලිසියට භාරදෙන්න තිබ්බනේ ජීවිතයක් නැතිකරන්න අම්මට තියෙන අයිතිය මොකද්ද?
Darshana Monday, 07 January 2019 08:35 AM
වවුනියාවෙන් උඩ ප්‍රදේශවල බොහෝ අයගේ මානසිකත්වය මේ වගෙයි. කිසිම අනක් ගුණක් නැති පිරිසක් ......
rihan Monday, 07 January 2019 09:01 AM
කාලෙ වාසෙ දේසේ... විනාශේ... මෙහෙමත් අම්මලා? මෙලොව ජීවිතය හීනයක්ද?