( ටෝනි කරුණානායක )
තම සිගිති දියණිය තමන්ගෙන් වෙන්නොකරන ලෙස 14 හැවිරිදි බාල වයස්කාර මවක් ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර් .එස්.එම්.මහේන්ද්‍ර රාජා මහතා ගෙන් අද(18 ) ඉල්ලා සිටියාය.
මව ගේ අනියම් සැමියාගේ අතවරයට ලක්ව දියණියක් බිහි කල එම බාල වයස් කාර දැරිය සහ ඇය බිහි කල සිගිති දියණියව සුදුසු භාරකත්වයකටපත් කරන ලෙස වැලිවේරිය පොලිසියේ ළමා සහ කාන්තා කාර්යංශයේ නිලධාරිනියක් දෙදෙනාව අධිකරණ යට ඉදිරිපත් කරමින් අධිකරණයෙන් එසේ ඉල්ලා සිටිඅවස්ථාවේ බාල වයස් කාර මව මහෙස්ත්‍රාත්වරයා ගෙන් එසේ ඉල්ලා සිටියාය .
දෙදෙනාව එකම ස්ථානයක රදවා තබා ගැනීම සදහා සුදුසු ස්තානයක් ලැබෙන තුරු එම දෙදෙනාව ගම්පහ රොහලට ඇතුලත් කරන ලෙස පොලිසියට නියම කල මහෙස්ත්‍රාතවරයා එතෙක් දෙදෙනාව රෝහලේ රදවා තබා ගන්නා ලෙස රොහල් අධ්‍යක්ෂකවරයාට නියම කලේය .
14,හැවිරිදි බාල වයස් කාර මව සහ ඇයගේ දින 12 ක් වයසැති දියණියව රදවා තබා ගැනීම සදහා සුදුසු ස්ථානයක් සොයා බලන ලෙස ගම්පහ පරිවාස නිලධාරිනියට නියම කල මහෙස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධව අධිකරණයට කරුනු වාර්තා කරන ලෙස නියම කලේය.
සිද්ධියට සම්බන්ධ සැකකරුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණ යට ඉදිරිපත් කරන ලෙස ටද පොලිසියට නියම කෙරුණි .නඩුව ලබන 25 වෙනිදට නැවත කැදවිමට නියම විය.
COMMENTS
අනේ පව්... ඒ අයගේ සංස්කෘතියේ කොටසක්...
කුඩා දරුවෙකුට, දරුවෙක් ලැබිලා... මොනතරම් ඛේදවාචකයක්ද.?
වෙන රටවල් වලනම්... මේ ළදරුවාව හොඳ පවුලකට හදන්න දීලා... අවුරුදු 14 ළමයාට ඉස්කෝලෙ යන්න සිද්ද වෙනවා.
ශ්‍රේෂ්ඨ මවක්.
දෙවියනේ ! මෙහෙම දේ මේ රටේ සිදුවෙන්න පුළුවන්ද? මේ වගේ හිත්පිත් නැති, දරු සෙනෙහස නොදන්නා කාමාතුරයන් තිරිසනුන් අතරත් නැහැ.
කුඩා දැරියක් වුවත් ඇයගේ මව් සෙනෙහස අගය කළ යුතුමයි.
අවුරුදු 14ක කිරි දරුවන්ට වැඩිහිටියන් කල මෙවන් අපරාධ කියවන්නත් අමාරුයි. කාන්තාවන් සහ ළමුන් ආරක්ෂා කරන්න තද නීති ගෙනෙන්න කිසිම පාලකයෙක්ට වුවමනාවක් නැහැ. ඇඳිරි නීතිය තිබ්බ කාලේ මොනතරම් නම් මේ වගේ අපරාධ වුණාද දන්නේ නැහැ. ඒව ඔක්කොම වහගත්තා.
බුදුදහම අනුව මෙවැනි දේවල් ඉදිරියේදි සිදුවේවි... මෙවැන්නකට ජාතිය, ආගම අදාළ නොවේ.. ලෝක සනාථන දහම එයයි.