IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දියණියන් දෙදෙනා එල්ලා මව දිවි නසාගෙන

(සමන් පාලිත නානායක්කාර)

කොස්ලන්ද  ඌව මාවෙලගම තමිල්නාඩුව ප්‍රදේශයේ මවක අද (02 ) සිය  දියණියන් දෙදෙනාව ගෙල වැලලා ගැනීමට සලස්වා, ඇයද සියදිවි නසාගෙන ඇතැයි  කොස්ලන්ද පොලීසිය කියයි.

එක් දියණියකගේ දිවි බේරී ඇති අතර අනෙක් දියණිය එම ස්ථානයේදීම මියගොස් ගොස් ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ දිලානි මන්ජු නමැති 20 හැවිරිදි මවක සහ අවුරුදු 2 ක දියණියකි. අවුරුදු 3 හමාරක් වයසැති දියණියගේ දිවි බේරී ඇත.

එම මව නිවසේ බාල්කයක සාරියකින් එල්ලී සියදිවි නසා ගෙන ඇති බව පොලීසිය කියයි.

සියදිවි  නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බව කොස්ලන්ද පොලීසිය කියයි.



අදහස් (6)

දියණියන් දෙදෙනා එල්ලා මව දිවි නසාගෙන

KRIS Thursday, 02 January 2020 04:43 PM

කණගාටුදායක සිදුවීමක්. කොස්ලන්ද ඌව මාවෙලගම, තමිල්නාඩුව කියලා ප්‍රදේශයක් තිබෙන බව ඇසුවෙත් අදමයි..

:       0       0

Kumara Thursday, 02 January 2020 05:30 PM

අවුරුදු තුන හමාරක දරුවෙක් ඉන්න අවුරුදු 20 ක අම්මා කෙනෙක්....ඛේදවාචකයේ බරපතලකම ගැන වෙනත් දෙයක් කීමට අවශ්‍ය නැත. මෙවන් විපත් යළි නොවේවා!

:       0       0

Champa Thursday, 02 January 2020 05:39 PM

මිනිස්සුන්ට දහසක් ප්‍රශ්න. කියා ගන්න කෙනෙක් නැතුව ඇති. ඒ හින්ද අහිංසක ජීවිත නිකරුනේ නැති වෙනවා. කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් පහුවුණු අවුරුදු 71 කටම කිසි දෙයක් මේ රටේ පාලකයෝ කරලා නැහැ.

:       0       18

hari maga Friday, 03 January 2020 02:53 AM

මෙහි සදහන් ගමේ නම "තමිල්නාඩුව" ලෙස සදහන් කර ඇත. එය සබැවක්නම් හැකි ඉක්මනින් එම ගමේ නම පැරණි සිංහල නමට මාරු කිරීමට ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම්, ප්‍රදේශයේ ආගමික නායකයන් සහ වයසින් සහ දැනුමෙන් මුහුකුරාගිය ප්‍රදේශ වාසීන් වහාම ක්‍රියාත්මක විය යුතුය. එසේ නොවුනහොත් අනාගතයේදී මෙය දෙමල ජාතිවාදින්හට මහත් පිටුවහලක් වනු නොඅනුමානය.

:       54       455

Mahee Friday, 03 January 2020 04:37 AM

අහෝ දෙවියනි, මේ මවගේ වයස දැන් 20 නම් ඇය විවාහ වෙන්න ඇත්තේ 16 දී විතර. මේ කතාව පසු බිමේ මහා දුක්බර පුවතක් ඇති. අපේ සමාජ ශෝධකයින් බොහෝවිට මේ පුවත දකින එකකුත් නැහැ. කාන්තා විමුක්ති එන් ජී ඕ කණ්ඩායම්වලට එච්චර වාසියකුත් නැති හින්ද මේ සමාජ ඛේදවාචකය ඔතනින්ම අමතක වෙයි.

:       0       0

lalith Friday, 03 January 2020 05:13 AM

අවුරුදු 3 1/2 ක දියණියක් සිටින 20 හැවිරිදි මවක් ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site