
(මොහොමඩ් ආසික්)
අවුරුදු දෙක හමාරක් වන තම දියණිය ද යතුරු පැදියේ නංවාගෙන කේරළ ගංජා අලෙවි කිරීමේ යෙදී සිටි අඹු සැමි යුවළක් කටුගස්තොට පොලිසියේ දූෂණ මර්දන අංශය අද (01) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ලද තොරතුරක් අනුව කටුගස්තොට ප්‍රදේශයේදී මෙම සැකකවරුන් ගමන් ගත් යතුරු පැදිය පරීක්ෂා කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණි.
එහිදී බිරිඳ ගංජාවලින් කොටසක් ගිල දමා ඇති බවද පොලිසිය පවසයි.
කෙසේ නමුත් කේරළ ගංජා ග්‍රෑම් 10 කට ආසන්න ප්‍රමාණයක් සමඟ මෙම අඹුසැමි යුවළ පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර ගංජා අලෙවිය සඳහා යොදා ගත් යතුරුපැදියද පොලිසිය භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 -30 ත් අතර පසුවන්නන් වන අතර අවුරුදු දෙක හමාරක දියණියද ඔවුන් සමඟ සිට තිබේ.
සැකකරුවන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.