IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


දඹුලු ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ලූනු ජාවාරමක් හෙළිවෙයි

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පෞද්ගලික ගබඩාවක මිනිස් පරිභෝජනයට නුසුදුසු විදේශයෙන් ගෙන්වූ ලොකු ලූණූ තොගයක් පැළවුණු ගොබ කපා ඉවත්කර හොඳ ලූනුවලට කලවම්කර වෙළඳපොළට යැවීමේ ජාවාරමක් අනාවරණය කර ගැනීමට දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පි .එදිරිසිංහ මහතා ඇතුළු කණ්ඩායමට හැකිවිය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවන අක්‍රමිකතා සහ දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමට දඹුල්ල මූලස්ථාන පොලිසිය අද (31) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මෙම වැටලීම අනාවරණය කර ගැනීමට සමත්විණි.

මෙම පෞද්ගලික ගබඩාව පරික්ෂා කර වහාම ඒ පිළිබඳව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට පොලිසිය දැනුම් දුන්නේය.

 

 

කඩිනමින් එම ස්ථානයට පැමිණි දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ස්ථානය පරීක්ෂා කර වහාම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා මේ පිළිබඳව පරීක්ෂා කර නීතිමය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නේය.

කිසිදු ආකාරයකින්  පැලවුණු ලූනූවල ගොබ කපා මිනිස් පරිභෝජනයට ගැනීම නුසුදුසු බවත් එමගින් ජනතාවට ශරීරයට විසක් වෛරස් තත්ත්වයක් ඇතුළු වන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ඉතා අඩු මුදලට ආහාරයට නුසුදුසු ලූනු තොග වරාය හරහා රට අභ්‍යන්තරයට ගෙන එන බවත් මේවා මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ලූනු කන්ටේනර් වලින් වෙනත් කිසියම් මත්ද්‍රව්‍යක් මෙරටට එන්නේ ද බරපතල සැකයක් මතුව ඇතැයි නගරාධිපති ජාලිය ඕපාත මහතා දඹුල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා වෙත දැනුම් දුන්නේය.

කිසිදු ආකාරයකින් මිනිස් පරිභෝජනයට නොසුදුසු මෙම ලුණු කම්කරුවන් යොදා ගෙන සුද්ධ පවිත්‍ර කර අඩු මුදලට කොත්තු රොටී අල රොටි සහ රයිස් වලට   විකිණීම සිදු කරන බව හෙතෙම පෙන්වා දුන්නේය.

පසුව එම ස්ථානයට පැමිණි දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ වෛද්‍යවරුන් ස්ථානය පරීක්ෂා කර පිටරටින් ගෙන්වූ ආහාරයට නුසුදුසු ලොකු ලූනු කිලෝ 5000 ක් පමණ අත්අඩංගුවට ගෙන ඔවුන්ට   විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නට වූහ.

 

වෛද්‍යවරුන් ද කියා සිටියේ ලුණු වැනි ද්‍රව්‍ය  පැලවීමෙන් පසුව එහි ලැබෙන අලය ආහාරයට ගැනීමට සුදුසු වුවද නැවත එම පැලය අලය බීජයක් වශයෙන් පත් වූ විට ආහාරයට ගැනීමෙන් විස ශරීර ගතවන බවයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදි  නාඩි නැමති වෙළඳ කණ්ඩායම නිසා පාරිභෝගික ජනතාවට වෙළෙන්දන්ට දැඩි හානි සිදුවී ඇති බවට රජයට ලැබුණු තොරතුරු මත හා ආරක්ෂක අංශ බුද්ධි නිලධාරීන් තොරතුරු වාර්තා කර තිබේ.

වෙළඳසැල් වලට ගිය පොලීසිය පිටස්තර පුද්ගලයන් සිටිනම් වහාම ඉවත් කරගන්නා ලෙසටද උපදෙස් ලබා දුන් අතර ඉදිරියේ දී කිසිදු ආකාරයකින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදි  නාඩි වෙළඳාමට ඉඩ නොතබන බවත් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද පොලීසිය සඳහන් කළේය.

 



අදහස් (4)

දඹුලු ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ලූනු ජාවාරමක් හෙළිවෙයි

බමුණුආරච්චි Friday, 31 January 2020 02:39 PM

සාමානයෙන් අප නම් නිවසේදීත් පැලවුණු ලූණු කෑම පිසීමේදී ඒවාට එකතු කරනවා. පැලවී ඇති ළූණු ගසත් කෑමට එකතු කරනවා. විශේෂයෙන් රොටි, පාන් වැනි දෑ ආහාරයට ගැනීමේදී ලුණු තෙල් දමා... ඒවා සමගයි කන්නේ. එහිදී පැළවි ඇති ලුණු තමයි ඒ සඳහා විශේෂයෙන් ගන්නේ. ඒවා අහිතකර බවක් අප දන්නේ නැහැ.

:       76       259

BamunuarachchiSaturday, 01 February 2020 04:10 PM

මෙය මගේ අදහසක් නොවෙයි මගේ ඩුප්ලිකේට් ගේ අදහසක්...

:       1       0

kamal Saturday, 01 February 2020 12:40 AM

මෙන්න අලුත්ම කොරෝනා ප්‍රවෘතිය ජාතික විහිලුසේවය මගින්: "පැලවුණු ලූනූවල ගොබ කපා පරිභෝජනයට ගැනීමෙන් ශරීරයට විසක් වයිරස් තත්ත්වයක් ඇතුළු වන බවද හෙතෙම පෙන්වා දුන්නේය."

:       0       0

Bamunuarachchi Saturday, 01 February 2020 04:13 PM

"ඒවා අහිතකර බවක් අප දන්නේ නැහැ." ඩුප්ලිකේට් මයා. පැළවුණු මුං ඇට, ළූණු වැනි දේවල් අන්තර්ගත සීනි ප්‍රමාණය වැඩිබව අසා තිබෙනවා...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1330 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1248 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 457 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site