IMG-LOGO

2024 ජුලි මස 19 වන සිකුරාදා


දඹුල්ල බස් නැවතුම්පොළේ වැටුණු සෙබළා රෝහලේදී මියයයි

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල පොදු වැසිකිළිය අසළ අද (04) වැටී සිටි  යුද හමුදා සෙබළෙකු රෝහල් ගත  කර අවස්ථාවේදී මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.
 
යම් අසනීප තත්ත්වයකින්  දඹුල්ල බස් නැවතුම්පළ පොදු වැසිකිලිය ඉදිරිපිට වැටී සිටි යුද හමුදා සෙබළෙකු  විනාඩි 30 ක පමණ කාලයකට පසු දඹුල්ල රෝහලට ඇතුළු කිරිමට කටයුතු කර තිබිණි.
 
මෙසේ මියගොස් ඇත්තේ කොස්ගම හංවැල්ල ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කළ ගලේවෙල පල්ලේපොල  පදිංචි තුෂාර කුමාර ජයසිංහ නැමති අයෙකු බව පොලිසිය හදුනාගෙන තිබේ.
 
සිය ගමන් මල්ල තබා දඹුල්ල බස් නැවතුම්පොළ පිහිටි පොදු වැසිකිලියට යුද හමුදා සෙබළා ගොස් නැවත එළියට පැමිණ එහි භාරකරුට මුදල් ලබාදෙනවත් සමඟ එකවරම බිම ඇද වැටුණු බව වැසිකිළියේ මුදල් අයකරගන්නා පුද්ගලයා  පැවසීය.
 
ඔහු යුද හමුදා සෙබළෙකු බව දැනගත් එහි සිටි තරුණයන් සහ  තරුණියන් කීප දෙනෙකු පැය භාගයක පමණ රෝහලට රැගෙන යෑම සඳහා දැඩි උත්සායක නිරත වූහ.
 
එම ස්ථානයේ යුද හමුදා සෙබළුන් කිහිප දෙනෙකු ද සිටිනු දැක ගැනීමට හැකිවිය.
 
බොහෝදෙනා එම ස්ථානයට ළඟා නොවීම හේතුවෙන් තරුණයන් කීපදෙනකු  සහ තරුණියන් කිහිප දෙනෙකු එකතුව මෙම යුද හමුදා සෙබළාට පවන් සලමින් සිටිනු දැක ගැනීමට හැකිවිය .
 
පසුව තරුණයන් දෙදෙනෙකු වහාම ආසන්නයේ තිබුණු තිරෝද රථයක් කතා කර  ඔවුන් විසින්ම ඔසවාගෙන දඹුල්ල රෝහලට රැගෙන යෑමට කටයුතු කළහ.
 



අදහස් (4)

දඹුල්ල බස් නැවතුම්පොළේ වැටුණු සෙබළා රෝහලේදී මියයයි

chandima Monday, 04 May 2020 06:17 PM

ඉක්මනට කොරෝනද කියල බැලුවනම් නේද හොඳ? එහෙම නම් අර උන්නු සේරම දෙනා ආගිය තැන් ආයෙත්බුද්දි අන්ස දාල හොයන්න වෙනවා.

:       26       9

සුදු බංඩාර Monday, 04 May 2020 10:32 PM

පව් අහිංසක සෙබලා.. ඒ වගේම ඒ මොහොතේ පවන් සලමින් ඔහු රෝහලකට ගෙන යෑමට කටයුතු කරපු මනුෂ්‍යත්වය පිරි ඒ තරුන පිරිසට උත්තමාචාරය !!! කොරෝනා පැතිරෙන මේ අවස්ථාවේදී තම ජීවිතය පවා අවධානමට ලක් කර ගනිමින් ඔබලාගේ උනුවෙන හදවත් වල තිබෙන කරුණාවන්තකම කොතරම් අගනේද? ඔබලාට තෙරැවන් සරණයි !!!

:       0       0

Mama Tuesday, 05 May 2020 01:07 AM

හේතුව වෙනස් කරයි.

:       0       0

සංජීව Tuesday, 05 May 2020 05:36 AM

රණවිරු ගාය දෝරේ ගලාගෙන යන හැටි බලන්නකෝ ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක්
2024 ජුලි මස 19 142 0

බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් නිෂ්පාදකයින් විසින් ලබාගන්නා බවට බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරයි.


විසි දෙක ගැසට්ටුව පිටවේ
2024 ජුලි මස 19 760 0

විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් එහි වෙබ් අඩවියේ ඊයේ (18) ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය


ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක්
2024 ජුලි මස 19 663 0

ගෝලීය වශයෙන් සිදුවූ තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් ගුවන් මෙහෙයුම් වෙත බලපෑමක් සිදුවූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.


අල්ලස් ගත්තැයි කියූ අයි.පීට - පී.සීට ඇප
2024 ජුලි මස 19 266 0

රුපියල් 154,200ක මුදලක් අල්ලසක් පොලිසිය තුළදීම ලබාගත්තේ යැයි කියන කොළඹ අපරාධ කොට්ඨාසයේ අපරාධ වාර්තා ඒකක අංක 07 ස්ථානාධිපති, පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාප


මහනුවර දුම්රියේ නැරඹුම් මැදිරිය ගලවලා
2024 ජුලි මස 19 741 0

කොළඹ කොටුව සිට මහනුවර බලා හෙට (20) පෙරවරුවේ ධාවනය කරන නගරාන්තර දුම්රියේ නැරඹුම් මැදිරිය ඉවත් කිරීමට අතිරේක සාමාන්‍යාධිකාරීවරයාගේ නියමයෙන් බවත්කර ඇති බ


අ'පුරට භූ කම්පනයක්
2024 ජුලි මස 19 738 0

අනුරාධපුර නගරයේ, අභය පෙදෙසේ පිහිටි නගර සභා නිවාස කිහිපයකට අද (19) ගිගුරුම් සහිත ශබ්දයක් සමඟ භූ චලනයක් ඇති වූ බව ප්‍රදේශවාසින් පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 145 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1023 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1897 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site